
උතුරු ඕක්ලන්ඩ් (North Auckland) ප්‍රදේශයෙන් හමු වූ පුපුරණ ද්‍රව්‍යයක් ආරක්ෂිතව විනාශ කිරීමට නවසීලන්ත ආරක්ෂක බලකායේ (NZDF) බෝම්බ අක්‍රිය අංශය (Explosive Ordnance Disposal Squadron) අද උදෑසන පියවර ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ Stillwater හි Ara Weiti පාරේ තිබී මෙම පුපුරණ ද්‍රව්‍යය හමු වූ බවට උදෑසන 9.00 ට පමණ වාර්තා වූ බවයි. වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක බලකායේ බෝම්බ විනාශක කණ්ඩායම එම ස්ථානයට පැමිණ එය ආරක්ෂිතව විනාශ කර දමා තිබෙනවා.
- නිතර නිතර හමුවන හමුදා පුපුරණ ද්‍රව්‍ය?
මීට පෙර මෙම මාසය මුලදීත් (ජූලි 14 වනදා) Ōrewa වෙරළ තීරයේ තිබී මෙවැනිම හමුදා පුපුරණ ද්‍රව්‍යයක් හමු වූ අතර, පොලිසිය විසින් එම ප්‍රදේශය වටකර ආරක්ෂාව සපයන ලැබුවා. පසුව පසුදින දහවල් 12.00 ට පමණ NZDF බෝම්බ අක්‍රිය කණ්ඩායම විසින් එය පාලිත පිපිරවීමක් (controlled detonation) හරහා විනාශ කළ අතර, Marine Parade ප්‍රදේශයට පවා එම විශාල පිපිරුම් හඬ ඇසී තිබුණා.
⚠️ ඔබත් මෙවැනි සැකකටයුතු දෙයක් දුටුවහොත්,
ළඟට යන්න හෝ ඇල්ලීමට උත්සාහ කරන්න එපා.
වහාම ප්‍රදේශයෙන් ඉවත් වී පොලිසිය දැනුවත් කරන්න.

0 Comments