
නවසීලන්තයේ ජාතික පක්ෂය (National Party) බලයට පත් වුවහොත් දැනට සති 26 ක් ලෙස පවතින රජයේ වැටුප් සහිත මාපිය නිවාඩු (Paid Parental Leave) කාලය සති 30 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.
නමුත් ඔබ දන්නවාද?
නවසීලන්තයේ බොහෝ පෞද්ගලික ආයතන රජයේ නීතිමය අවම සීමාවටත් වඩා වැඩි නිවාඩු සහ ඉහළ මූල්‍යමය ප්රතිලාභ දැනටමත් තම සේවකයන්ට ලබා දෙන බව💼
🏛️ පෞද්ගලික ආයතන සහ රාජ්‍ය අංශයේ ප්රතිලාභ අතර වෙනස.
🔹 Kiwibank – සති 26 ක් පුරාම සම්පූර්ණ වැටුප (100% Salary) ගෙවන අතර, නැවත සේවයට පැමිණෙන විට තවත් සති 6 ක අමතර වැටුප් සහිත නිවාඩුවක් ලබා දෙයි.
🔹 AJ Park නීති ආයතනය – සති 18 ක් පුරා 100% ක සම්පූර්ණ වැටුපක් සහ තවත් සති 8 ක් සඳහා රජයේ ගෙවීමට අමතරව Top-up ගෙවීමක් සිදු කරයි.
🔹 Mayne Wetherell නීති ආයතනය – නම්‍යශීලී සේවා කාල සීමාවන් සමඟ සති 26 ක් දක්වා 100% ක සම්පූර්ණ වැටුප ලබා දෙයි.
🔹 රාජ්‍ය අංශය සහ ගුරුවරුන් – නිවාඩු යන අවස්ථාවේදී සති 6 ක වැටුපට සමාන පාරිතෝෂික දීමනාවක් හිමිවේ.
🔹 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් – මාපිය නිවාඩු කාලය පුරාම තමන්ගේ සාමාන්‍ය පූර්ණ වැටුප ලබා ගනී.
⭕විශේෂඥයින් පවසන්නේ කුමක්ද?
Otago විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය Paula O’Kane පෙන්වා දෙන්නේ, රජයේ මූලික ගෙවීම් සීමාවන්ට වඩා පෞද්ගලික ආයතන ලබාදෙන 100% ක වැටුප් පූර්ණය සේවකයින්ට ලොකු සහනයක් වන බවයි.
Frog Recruitment හි කළමනාකාර අධ්යක්ෂ Shannon Barlow සඳහන් කරන්නේ, වර්තමාන රැකියා වෙළඳපොළේ තරඟකාරීත්වය හමුවේ නිවාඩු ප්රතිලාභ පමණක් රැකියාවක් තෝරා ගැනීමට එකම හේතුව නොවුණත්, සේවකයින් වෙනුවෙන් කැපවෙන ආයතන කැපී පෙනීමට මෙය හොඳ අවස්ථාවක් බවයි.
ඕස්ට්‍රේලියාවද සිය මාපිය නිවාඩු සති 26 දක්වා වැඩි කර ඇති පසුබිමක, නවසීලන්තය සති 30 සීමාවට යාම ඉදිරිගාමී පියවරක් වනු ඇත🇳🇿
👇 ඔබ සේවය කරන ආයතනයෙන් මාපිය නිවාඩු සඳහා ලැබෙන සහනය කෙබඳුද?
ඔබේ අදහස් Comment එකකින් කියන්න.

0 Comments