
නවසීලන්ත රජය විසින් ලබාදෙන ජීවන වියදම් දීමනාව (Cost of Living Payment) පිළිබඳව ඉදිරියේදී විශේෂ තීරණයක් ගැනීමට නියමිතයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිට පවුල් 143,000 කට පමණ “In-Work Tax Credit” (IWTC) හරහා සතියකට ඩොලර් 50 ක අමතර සහනයක් හිමිවුණා. මෙම සහනය ලබාදීම අත්හිටුවීමට ප්‍රධාන කොන්දේසි 2 ක් තිබුණා.
1️⃣ වසරක් පිරීම, හෝ
2️⃣ 91 පෙට්‍රල් ලීටරයක මිළ එකදිගට සති 4 ක් ඩොලර් 3 ට වඩා අඩුවෙන් පැවතීම.
පසුගිය ජූනි අග සිට පෙට්‍රල් මිළ ඩොලර් 3 ට වඩා අඩුව පැවති අතර, මෙසේ සති 4 ක් සම්පූර්ණ වීමත් සමඟ දීමනාව කැපී යනු ඇති බවට මත පළවුණා.
කෙසේ වෙතත්, නියෝජ්‍ය අගමැති David Seymour සහ මුදල් අමාත්‍ය Nicola Willis පවසන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිළ නැවත ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, මෙම මිළ පහළ යාම තාවකාලික එකක් (blip) විය හැකි බවයි. එම නිසා ජනතාවට ලබාදෙන මෙම සහනය වහාම අහෝසි නොකර දිගටම පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
එසේම, විපක්ෂ නායක Chris Hipkins සඳහන් කරන්නේ පවතින ආර්ථික අපහසුතා හමුවේ ජනතාවට ලැබෙන මෙම එකම සහනයවත් ආණ්ඩුව විසින් අහෝසි නොකළ යුතු බවයි.
ඔබේ අදහස කුමක්ද? මෙවැනි සහන තවදුරටත් පැවතිය යුතුද? පහළින් Comment කරන්න👇

0 Comments