
මාසයක් ඇතුළත ප්‍රබල භූමිකම්පා පහක් වාර්තා වීමත් සමඟ නවසීලන්තය පුරා දැඩි කුතුහලයක් සහ බියක් හටගෙන ඇති අතර, මෙය ඉදිරියේදී සිදුවීමට නියමිත දැවැන්ත විනාශකාරී භූමිකම්පාවක පෙරනිමිතිද යන්න පිළිබඳව ජනතාව අතර කතිකාවතක් මතුව තිබේ. පැසිෆික් ගිනි වලල්ල (Pacific Ring of Fire) කලාපයේ පිහිටි නවසීලන්තය තුළ ඔස්ට්‍රේලියානු සහ පැසිෆික් තැටි එකිනෙක ගැටීම නිසා වසරකට භූමිකම්පා 20,000 කට වඩා සිදුවන නමුත්, ඉන් මිනිසුන්ට දැනෙන්නේ 100 ත් 250 ත් අතර ප්‍රමාණයක් පමණි.
එහෙයින් කෙටි කාලයක් තුළ මෙලෙස ප්‍රබල චලනයන් කිහිපයක් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ප්‍රබල භූචලනයකට පෙර මෙවැනි කුඩා චලනයන් සිදුවිය හැකි වුවත් අනාගත භූමිකම්පාවක් නිශ්චිතවම අනාවැකි කීමට තවමත් තාක්ෂණය ප්‍රමාණවත් නොමැති බවයි. එමෙන්ම ඇල්පයින් විදර්ශකය (Alpine Fault) සහ හිතුරංගි කලාපය (Hikurangi Subduction Zone) වැනි ප්‍රධාන විදර්ශකවල බලපෑම නිසා ජනතාව අනවශ්‍ය ලෙස බිය නොවී, හදිසි ආපදා කට්ටල සූදානම් කරගනිමින් නිසි පූර්ව සූදානමකින් පසුවීම අත්‍යවශ්‍ය බව ජාතික ආපදා අංශ සහ විද්‍යාඥයෝ අවධාරණය කරති.

0 Comments