
නූතන ඉතිහාසයේ ප්‍රථම වතාවට යුරෝපීය රාජාණ්ඩු සංස්කෘතිය තුළ දැවැන්ත ඓතිහාසික පරිවර්තනයක් සලකුණු කරමින්, ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ ප්‍රධාන රාජ්‍යයන් රැසකම පාලන බලය කාන්තාවන් සතුවීමට නියමිතව තිබේ.
ස්පාඤ්ඤය, බෙල්ජියම, නෙදර්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය යන රටවල මීළඟ රාජ්‍ය නායකත්වය සහ සිංහාසනය උරුම කරගැනීමට පෙළගැසී සිටින්නේ අනාගත රැජිනියන් වීම මෙහි ඇති විශේෂත්වයයි.
ඒ අනුව ස්පාඤ්ඤයේ ලියොනෝර් කුමරිය (Princess Leonor), බෙල්ජියමේ එලිසබෙත් කුමරිය (Princess Elisabeth), නෙදර්ලන්තයේ කැතරිනා-අමලියා කුමරිය (Princess Catharina-Amalia), නෝර්වේහි ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය (Princess Ingrid Alexandra) සහ ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය (Crown Princess Victoria) යන කුමරියන් සිය රටවල මීළඟ කිරුළ හිමි රජවරුන් ලෙස පත්වීමට නියමිතව සිටිති.
ජ්‍යෙෂ්ඨතාවය මත පදනම් වූ රාජකීය අනුප්‍රාප්තික නීතිවල සිදුකළ නීතිමය සංශෝධන හේතුවෙන්, පිරිමි සහෝදරයන් සිටියද වැඩිමහල් දියණියට සිංහාසනය හිමිවීමේ අයිතිය තහවුරු වීමත් සමඟ මෙම අද්විතීය වෙනස නිර්මාණය වී ඇත. යුරෝපීය රාජකීය ඉතිහාසය තුළ එකම කාලවකවානුවක මෙතරම් කාන්තාවන් සංඛ්‍යාවක් රාජ්‍ය නායකත්වයට පත්වීමට පෙළගැසී සිටින පළමු අවස්ථාව මෙය වන අතර, එය සමකාලීන ලෝක දේශපාලනය සහ කාන්තා නායකත්වය හමුවේ සුවිශේෂී සංකේතාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

0 Comments