
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ඉදිකෙරෙන බිලියන ගණනක අතිදැවැන්ත නගර උමං දුම්රිය ව්‍යාපෘතිය (City Rail Link – CRL) විවෘත කරන නිල දිනය පිළිබඳ ඉඟියක් පළකෙරෙන අභිරහස් දැන්වීම් පුවරුවක් (billboard) හදිසියේම ප්‍රදර්ශනය වීමත් සමඟ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් ඊට යොමු වී තිබේ. ඕක්ලන්ඩ් හි කිංග්ස්ලන්ඩ් දුම්රිය ස්ථානය (Kingsland Station) ආසන්නයේ සවි කර ඇති මෙම ප්‍රචාරක පුවරුව මගින්, වසර ගණනාවක් පුරා ඉදිකිරීම් ප්‍රමාදයන් සහ අධික පිරිවැය හමුවේ මගී ජනතාව නොඉවසිල්ලෙන් මගබලා සිටි මෙම භූගත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්වන විශේෂිත දිනය පිළිබඳව ඉඟි කර ඇත.
නවසීලන්ත ඉතිහාසයේ ක්‍රියාත්මක වන විශාලතම ප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යාපෘතිය වන මෙම නගර උමං දුම්රිය මාර්ගය, කිලෝමීටර 3.4 ක දුරකින් යුත් භූගත උමං මාර්ග දෙකකින් සමන්විත වන අතර, නගර මධ්‍යයේ ඇති ප්‍රධාන දුම්රිය ස්ථාන යා කරමින් ඕක්ලන්ඩ් හි දුම්රිය ධාරිතාව දෙගුණ කිරීමට සැලසුම් කර ඇත. මීට පෙර අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් විවෘත කරන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන නොතිබූ අතර, මෙලෙස මාර්ගය අසල ප්‍රචාරක පුවරුවක් මගින් දින වකවානු ඉඟි කිරීම මගී ජනතාවගේ මෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ ද දැඩි කුතුහලයට හේතු වී තිබේ.
දැනට පොළොව යට සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු අවසාන අදියරේ පසුවන අතර, මෙම අභිරහස් පුවරුව ප්‍රදර්ශනය වීමත් සමඟ ව්‍යාපෘතිය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් ඇති වී තිබේ. නවසීලන්තයේ ප්‍රථම භූගත උමං දුම්රිය පද්ධතිය භාවිත කිරීමට මගීන් තුළ පැවති දීර්ඝ කාලීන බලපොරොත්තුව ඉක්මනින්ම ඉටු වීමට නියමිත බවට මෙමගින් මනාව ඉඟි පළ කෙරේ.

0 Comments