← BACKUncategorized

සාම්ප්‍රදායික ආදරයට බයිබායි? නවසීලන්ත සමාජය බහු-සහකාර සබඳතා දෙසට යොමුවන හැටි!

BY Dhanush•PUBLISHED AUGUST 8, 2026•1 MIN READ•0 COMMENTS

සාම්ප්‍රදායික ඒකපතනී හෙවත් එක් සහකරුවෙකුට පමණක් සීමා වූ ප්‍රේම සබඳතා සංකල්පය පිළිබඳ ඕස්ට්‍රේලියානු මහද්වීපයට අයත් නවසීලන්ත සමාජය තුළ පවතින ආකල්පයන්හි කැපී පෙනෙන වෙනසක් සිදුවෙමින් පවතින බව සනාථ කරමින්, එරට වැසියන්ගෙන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුම (40%) තම සහකරුවාට හෝ සහකාරියට හොරෙන් වෙනත් බාහිර සබඳතා පවත්වා ඇති බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. Adult toy mega store ආයතනය Sunday Star Times පුවත්පත හා එක්ව එරට වැඩිහිටියන් 4,850 දෙනෙකු ඇසුරෙන් සිදුකළ මෙම දීපව්‍යාප්ත සමීක්ෂණය මගින් නූතන නවසීලන්ත වැසියන්ගේ ආදරය, ලිංගිකත්වය සහ විවාහක විශ්වාසවන්තභාවය පිළිබඳ පවතින සැබෑ තත්ත්වය අනාවරණය කර ඇත.

මෙම අනියම් සබඳතාවල ස්වභාවය විමසා බැලීමේදී, පක්ෂපාතීත්වය බිඳ දැමූවන්ගෙන් අඩක්ම සඳහන් කර ඇත්තේ තමන් තම සමීපතම මිතුරෙකු හෝ මිතුරියක සමඟ මෙලෙස සබඳතා පැවැත්වූ බවයි. එමෙන්ම සියයට 15ක පිරිසක් සිය සහකරුගේ හෝ සහකාරියගේ පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු සමඟ සීමාවන් ඉක්මවා ගොස් ඇති අතර, සමස්තයක් ලෙස සියයට 29ක් ශාරීරිකවද සියයට 22ක් මානසික මට්ටමින්ද (emotional affairs) වෙනත් අයෙකු වෙත ආකර්ෂණය වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් සහ අනෙකුත් ලිංගික අනන්‍යතාවන් සහිත පුද්ගලයින් මෙලෙස මානසික මට්ටමින් සිදුකෙරෙන අනියම් සබඳතාවලට වැඩි වශයෙන් යොමු වී සිටින බව පෙනී යයි.

මෙලෙස විශ්වාසය කඩකිරීමට හේතු වූ මූලික සාධකය ලෙස සියයට 49ක පිරිසක් වෙනත් අයෙකු කෙරෙහි ඇති වූ ආකර්ෂණය පෙන්වා දී ඇති අතර, සියයට 39ක් අලුත් යමක් අත්හදා බැලීමේ ආශාවද, සියයට 34ක් ක්ෂණික කෝපය, මධ්‍යසාර භාවිතය හෝ නියමිත සිහියෙන් පසුව නොසිටීමද හේතු වූ බව පවසා ඇත. මීට අමතරව සියයට 28ක් මෙය ක්ෂණිකව ගත් තීරණයක් ලෙස හැඳින්වූ අතර සියයට 19ක් පළිගැනීමේ පරමාර්ථයෙන් මෙසේ කළ බව පිළිගෙන තිබේ.

කෙසේ වෙතත්, මෙම සමීක්ෂණය මගින් හෙළිවන වැදගත්ම කරුණ වන්නේ සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය බහු-සහකාර සබඳතා (non-monogamous arrangements) කෙරෙහි නවසීලන්ත සමාජයේ පවතින විවෘතභාවයයි. එරට වැසියන්ගෙන් සියයට 40කට ආසන්න පිරිසක් මෙවැනි සබඳතාවලට කැමැත්තක් දක්වන අතර, සියයට 18ක් දැනටමත් එවැනි වෙනස් සබඳතා රටාවන් අත්හදා බලා තිබේ. මීට අමතරව LGBTQIA+ ප්‍රජාව අතර මෙම ප්‍රවණතාව බෙහෙවින් වැඩි අගයක් ගන්නා අතර, විශේෂඥයින් පෙන්වා දෙන්නේ රහසින් අනියම් සබඳතා පවත්වනවාට වඩා, දෙදෙනාගේම එකඟතාවයෙන් යුතුව සබඳතාවල සීමා මායිම් නැවත අර්ථකථනය කරගැනීමට බොහෝදෙනා පෙළඹෙමින් සිටින බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *