
දශක දෙකකට වැඩි කාලයක් පුරා පැසිෆික් කලාකරුවන්ගේ සංගීත හැකියාවන් අගයමින් පවත්වාගෙන ආ නවසීලන්තයේ කීර්තිමත් ‘පැසිෆික් සංගීත සම්මාන උළෙල’ (Pacific Music Awards) දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. සංවිධායකයන් පවසන පරිදි උත්සව මෙහෙයුම් පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම, රජයේ කලා අරමුදල් කපා හැරීම සහ ආයතනික අනුග්‍රාහකත්වයන් අඩුවීම මෙම කඩාවැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මෙම දැඩි මූල්‍ය අපහසුතා හමුවේ සම්මාන උළෙල ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පැසිෆික් සංගීත සම්මාන භාරය (Pacific Music Awards Trust) විසින් මහජන ආධාර ලබා ගැනීමේ විශේෂ වැඩසටහනක් (crowdfunding campaign) ආරම්භ කර ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරි සම්මාන උළෙලවල් අවලංගු වීම හෝ දින නියමයකින් තොරව කල්යාම වැළැක්වීම සඳහා සංවිධායකයෝ උත්සවයේ ස්වරූපය, පරිමාණය සහ ඉදිරි ගමන පිළිබඳව පුළුල් සමාලෝචනයක නිරත වෙති. නවසීලන්තයේ සංගීත ක්ෂේත්රයට අනුපමේය සේවයක් ඉටුකළ මෙම සම්මාන උළෙල අහෝසි වී ගියහොත් එය නැගී එන පැසිෆික් සංගීතඥයන්ට මෙන්ම දේශීය සංගීත සංස්කෘතියටද එල්ල වන දැඩි බලපෑමක් වනු ඇත. එබැවින් මෙම ඓතිහාසික කලා මංගල්‍යය සුරක්ෂිත කරගැනීමට පෙළගැසෙන ලෙස සංවිධායක මණ්ඩලය සමස්ත සංගීත ප්රේක්ෂකයන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

0 Comments