
‘Friends with Benefits’, ‘Easy A’ සහ ‘Anyone But You’ වැනි ජනප්‍රිය ආදර කතා සිනමාපට අධ්‍යක්ෂණය කළ ප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ෂ විල් ග්ලක් විසින් නිර්මාණය කළ අලුත්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටය වන ‘One Night Only’ හි තිබූ ලිංගික දර්ශන රැසක් සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මොනිකා බාබරෝ සහ කැලම් ටර්නර් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම සිනමාපටය, වසරකට එක් දිනක් පමණක් අවිවාහක යුවළයන්ට ලිංගිකව හැසිරීමට නීතිමය අවසර හිමිවන අසාමාන්‍ය සමාජ වටපිටාවක් තේමා කරගනිමින් නිර්මාණය වී ඇත. කතාපුවත ලිංගිකත්වය වටා ගොඩනැගී තිබුණද, සංස්කරණයේදී සෘජු ලිංගික දර්ශන රැසක් ඉවත් කිරීමට අධ්‍යක්ෂවරයා තීරණය කර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ වර්තමාන සිනමාප්‍රේක්ෂකයින්, විශේෂයෙන්ම Gen Z සහ Gen Alpha තරුණ පරම්පරාවන් සිනමාශාලා තුළ ලිංගික දර්ශන නැරඹීමේදී දැඩි ලෙස අපහසුතාවයට පත්වන බවයි.
තමන්ගේ පෙර නිර්මාණ හරහා ලැබූ අත්දැකීම් සහ පර්යේෂණවලට අනුව, 90 සහ 2000 දශකවල මෙන් සෘජු ලිංගික දර්ශන ඇතුළත් කිරීමට වඩා චරිත අතර පවතින මානසික බැඳීම, තාත්වික සංවාද සහ හාස්‍යය කෙරෙහි නූතන තරුණයින් වැඩි කැමැත්තක් දක්වන බව ඔහු තේරුම් ගෙන තිබේ. මෙය හුදෙක් එක් චිත්‍රපටයකට පමණක් සීමා වූවක් නොවන අතර, වර්තමාන හොලිවුඩ් සිනමාව තුළ තරුණ ප්‍රේක්ෂක රුචිකත්වය වෙනස් වන ආකාරය පිළිබඳව කෙරෙන පැහැදිලි තහවුරු කිරීමකි.

0 Comments