
ඕස්ට්‍රේලියාවේ ග්‍රාමීය මාර්ගයක් අසල අත්හැර දමා තිබූ ගමන් බෑගයකින් හමු වූයේ යැයි සැකකළ කාන්තා මළසිරුර, සැබවින්ම මිනිස් සිරුරකට සමාන ලෙස සකස් කළ ජීවමාන ස්වරූපයේ බෝනික්කෙකු (doll) බව විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
සිද්ධිය වාර්තා වූයේ පසුගිය ඉරිදා පස්වරුවේ සිඩ්නි නුවර සිට කිලෝමීටර් 200ක් පමණ නිරිත දෙසින් පිහිටි ඕලන් (Oallen) ප්‍රදේශයේදීය. මාර්ගය අසල තිබූ සැකකටයුතු ගමන් බෑගයක් පරික්ෂා කළ දෙදෙනෙකු, එහි නරක් වූ කාන්තා මළසිරුරකට සමාන යමක් දැක වහාම පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ නිව් සවුත් වේල්ස් (New South Wales) පොලිසිය, මෙය ඝාතන සිද්ධියක් ලෙස සලකා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය.
කෙසේ වෙතත්, පැය 24කට ආසන්න කාලයක් සිදු කළ සූක්ෂම අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වූයේ එම බෑගයේ තිබී ඇත්තේ ඇඳුම් පැළඳුම්, කෘත්‍රිම කොණ්ඩය, සහ නාසයේ පැළඳි කරාබුවක් පවා සහිත, මිනිස් සිරුරකට සමාන ලෙස සකස් කළ බෝනික්කෙකු බවයි. සාමාන්‍ය ඇසකට රැවටෙන සුලු ලෙස, සිරුරේ තැලීම් සහ සීරීම් සලකුණු පවා මෙම බෝනික්කා මත තාත්වික ලෙස නිර්මාණය කර තිබිණි.
ප්‍රදේශයේ පොලිස් අධිකාරී ලින්ඩා බ්‍රැඩ්බරි ප්‍රකාශ කළේ, සාක්ෂි ආරක්ෂා කරගැනීමේ අරමුණින් මළසිරුරකට අතනොතබා විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් සත්‍යය තහවුරු කරගැනීමට යම් කාලයක් ගතවූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස තැතිගත් මළසිරුර දුටු දෙදෙනාට සත්‍ය තත්ත්වය දැනුම් දී ඇති අතර, නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කළ බැවින් පොලිස් මෙහෙයුම පිළිබඳව කිසිදු පසුතැවීමක් නොමැති බවත්, අපරාධයක් සිදු නොවූ බැවින් විමර්ශන කටයුතු නිල වශයෙන් අවසන් කළ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

0 Comments