
වසර 50 කට අධික කාලයකට පසුව නවසීලන්තයේ Canterbury ප්‍රදේශයෙන් අතිශය දුර්ලභ විශේෂයකට අයත් සිකනැලෙකු්්්් (Canterbury grass skink) නැවත හමු වී තිබීම පරිසරවේදීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. වඳවී ගොස් ඇතැයි විශ්වාස කෙරුණු මෙම දුර්ලභ සත්ව විශේෂය, කැන්ටබරි හි ගල්පර සහිත දුෂ්කර භූමි ප්‍රදේශයක සිදුකළ පරිසර විද්‍යාත්මක පරීක්ෂණයකදී මෙලෙස හමු වී ඇත්තේ අඩසියවසකට පමණ පසුවය. මෙම හදිසි සොයාගැනීමත් සමග, පාරිසරික තර්ජන හමුවේ වුවද මෙම සතුන් තවමත් ස්වාභාවික පරිසරයේ ජීවත් වන බවට තහවුරු වී ඇත.
කෘෂිකාර්මික කටයුතු නිසා වාසස්ථාන අහිමි වීම මෙන්ම උගුලන්, මීයන් සහ වල් බලලුන් වැනි විලෝපිකයන්ගේ තර්ජන හේතුවෙන් මෙම සත්ව ගහනය ශීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබිණි.
කෙසේ වෙතත්, නැවත හමුවූ මෙම සත්වයාගේ ජාන සාම්පල, සිරුරු මිනුම් සහ ඡායාරූප සටහන් කරගැනීමෙන් අනතුරුව නැවතත් ස්වාභාවික වාසස්ථානයට මුදාහැරීමට පර්යේෂකයෝ පියවර ගත්හ. මෙම ප්‍රදේශය තුළ තවදුරටත් මෙවැනි සතුන් බෝවන ගහනයක් පවතින බවට පරිසරවේදීන් විශ්වාස කරන අතර, එම සතුන් ආරක්ෂා කරගැනීම සඳහා විලෝපිකයන් මර්දනය කිරීමේ සහ ආරක්ෂිත වැඩසටහන් ප්‍රකාශයට පත්කිරීමට පරිසර අධිකාරීන් කටයුතු යොදමින් සිටියි.

0 Comments