
වසර 17ක් පුරා සිනමා ඉතිහාසයේ බිඳහෙළිය නොහැකි යැයි සැලකූ දැවැන්තම වාර්තාවක් තමුන් සතු කරගැනීමට සුප්‍රකට සිනමාකරු ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘The Odyssey’ සමත්ව තිබේ. ඒ, මෙතෙක් කල් ජේම්ස් කැමරන්ගේ ‘Avatar’ (ඇවටාර්) චිත්‍රපටය හිමිකරගෙන තිබූ IMAX සිනමාහල් හි වැඩිම ආදායම් වාර්තාව අභිබවා යමිනි.
🔴 නව වාර්තාවේ සංඛ්‍යාත්මක දත්ත
- The Odyssey ලබූ IMAX ආදායම: ඇමරිකානු ඩොලර් මිලියන 289යි.
- Avatar හිමිකරගෙන තිබූ පැරණි වාර්තාව: ඇමරිකානු ඩොලර් මිලියන 256යි.
ලොව පුරා විසිරී ඇති IMAX සිනමාහල් ජාලය තුළින් පමණක් මෙම දැවැන්ත ආදායම උපයා ගැනීමට ‘The Odyssey’ සමත්ව ඇත. දෘශ්‍ය හා ශ්‍රව්‍ය තාක්ෂණයේ උපරිම සීමාවන් ස්පර්ශ කරමින් ප්‍රේක්ෂකයින් වෙත පෙර නොවූ විරූ සිනමා අත්දැකීමක් තිළිණ කිරීම මෙම ආදායම් වාර්තාවට ප්‍රධානතම හේතුව වී තිබේ.
නෝලන්ගේ ආකර්ශනීය අධ්‍යක්ෂණය සහ තාක්ෂණික විශිෂ්ටත්වය හමුවේ සිනමාප්‍රේක්ෂකයින් IMAX සිනමාහල් වෙත වැල නොකැඩී ඇදී ආ බව මෙම වාර්තාගත ආදායම මගින් නැවතත් තහවුරු කෙරේ.

0 Comments