← BACKUncategorized

බැටළුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනඟන පිරිසකට කැන්ටබරි ගොවීන්ගෙන් දැඩි පිළිතුරක්! ”අපි වැරැද්දක් කරලා නැහැ”

BY Dhanush•PUBLISHED AUGUST 17, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ කැන්ටබරි (Canterbury) ප්‍රදේශයේ sheep farm එකක පැටවුන් ලැබෙන කාල සීමාවේදී (lambing season) සතුන්ට නොසලකා හැරීම් සහ වැරදි ලෙස සැලකීම් සිදුවන බවට චෝදනා කරමින් Farmwatch නැමැති සත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් විසින් රහසිගතව රූපගත කරන ලද වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කර තිබේ. මෙම වීඩියෝව පදනම් කරගනිමින් එම ගොවිපළේ කටයුතු සම්බන්ධයෙන් නිල පරීක්ෂණයක් පවත්වන ලෙස සංවිධානය ඉල්ලා සිටියද, එම ගොවිපළ හිමි යුවළ තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බවත්, තම සත්ව සුභසාධන කටයුතු සියල්ල නිසි ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බවත් පවසමින් එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

පැටවුන් ලැබෙන සමයේදී පවතින අයහපත් කාලගුණය හමුවේ කෙතරම් අවධානයෙන් කටයුතු කළද ඇතැම් සතුන් මියයාම වැනි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දෙන එම ගොවීන්, අදාළ සංවිධානය විසින් හුදෙක් අසීරු අවස්ථාවන් කිහිපයක් පමණක් තෝරාගෙන වීඩියෝ කොට ප්‍රේක්ෂකයන් නොමඟ යවන සුළු ප්‍රචාරයක් ගෙන යන බවට චෝදනා කරයි. නවසීලන්තයේ කෘෂිකාර්මික හා සත්ව පාලන කටයුතු පිළිබඳ සොයා බලන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය (Ministry for Primary Industries – MPI) මගින් මෙවැනි සත්ව හිංසන චෝදනා පිළිබඳ විමර්ශනය කරනු ලබන අතර, මෙම සිදුවීමත් සමඟ සත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන සහ සාම්ප්‍රදායික ගොවීන් අතර පවතින ගැටුම නැවතත් කරළියට පැමිණ ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *