← BACKImmigration Updates

නවසීලන්තයට යන සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්! වීසා අයදුම්පත්‍රවලට ලොකු වෙනසක්!

BY DhanushPUBLISHED AUGUST 18, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා වන සංචාරක වීසා (Visitor Visa) අයදුම්පත් ක්‍රියාවලියට නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව (Immigration New Zealand) විසින් වැදගත් සංශෝධන කිහිපයක් හඳුන්වා දී තිබේ. 2026 අගෝස්තු 24 දින සිට ක්‍රියාත්මක වන මෙම වෙනස්වීම මගින් වීසා නිකුත් කිරීමේ කාලය වේගවත් කිරීම, ආරක්ෂක පරීක්ෂණ විධිමත් කිරීම සහ සංචාරකයන්ට බාධාවකින් තොරව රට තුළට ඇතුළු වීමට පහසුකම් සැලසීම ප්‍රධාන අරමුණයි.

මෙම නව ක්‍රමවේදය යටතේ අයදුම්කරුවන් තමන්ගේ සංචාරක අරමුණ, සෞඛ්‍ය තත්ත්වය සහ මූල්‍ය ශක්තිය පිළිබඳව වඩාත් පැහැදිලි තොරතුරු සහ ලේඛන පූර්වයෙන් ලබා දීම අනිවාර්ය කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ වීසා අයදුම් කිරීමේදී අසනු ලබන ප්‍රශ්න වඩාත් සරල සහ පැහැදිලි වන පරිදි සංශෝධනය කර ඇති අතර, තමන් සැබවින්ම සංචාරයක් සඳහා පැමිණෙන බව තහවුරු කිරීමට ප්‍රමාණවත් මුදල්, ආපසු යාමේ ගුවන් ටිකට්පත් සහ සිය මව් රට සමඟ පවතින සබඳතා පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. මීට අමතරව අයදුම්කරුවන්ගේ පෞද්ගලික තොරතුරු සහ අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය ද තදබල කර තිබේ. නිවැරදි තොරතුරු සහ අවශ්‍ය ලේඛන අසම්පූර්ණව ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ වීසා ප්‍රමාද වීමට හෝ ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති බැවින්, නවසීලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන පිරිස් අයදුම්පත යොමු කිරීමට පෙර නිල වෙබ් අඩවිය හරහා මෙම නව උපදෙස් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය.

වැඩිදුර තොරතුරු සදහා නවසීලන්ත ආගමන හා විගමන නිල වෙබ් අඩවිඩයට පිවිසෙන්න.
https://www.immigration.govt.nz/about-us/news-centre/important-visitor-visa-application-form-changes/

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *