← BACKUncategorized

මරණයට මොහොතකට පෙර කළ අද්භූත පැනීම! නවසීලන්ත දුම්රිය අනතුරේ සැබෑ කතාව…

BY DhanushPUBLISHED AUGUST 28, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ සක්‍රිය දුම්රිය මාර්ගයක් මත අලුත්වැඩියා කටයුතුවල නිරතව සිටි නඩත්තු රථයක් (Maintenance vehicle) නවතා තැබීමට නොහැකිව සිරවීම නිසා, වේගයෙන් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමට ඔන්න මෙන්න තිබියදී එහි සිටි සේවකයෙකු තත්පර ගණනකට පෙර එළියට පැන දිවි බේරාගැනීමේ පුවතක් වාර්තා වේ. කීවි රේල් (KiwiRail) ආයතනයට අයත් මෙම සේවා රථය නවත්වා ගැනීමට නොහැකිව මාර්ගයේ සිරවී තිබියදී, ඉදිරියෙන් පැමිණි අධික වේගයෙන් යුත් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නැවැත්වීමට තරම් ප්‍රමාණවත් ඉඩක් නොමැති බව වටහාගත් සේවකයා, ක්ෂණිකව ක්‍රියාත්මක වී රථයෙන් එළියට පැන ඇත.

තත්පර කිහිපයකට පසුව පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා රථයේ සෘජුවම ගැටී ඇති අතර, ඉන් එම රථයට දැඩි හානි සිදුවී උපකරණ දුම්රිය මාර්ගය පුරා විසිවී ගොස් තිබේ. අනතුර සිදුවූ ස්ථානයට හදිසි සහන සේවකයින් සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන් වහා පැමිණි අතර, අතිශය භයානක ලෙස සිදුවූ මෙම අනතුරෙන් අදාළ සේවකයාට බරපතල තුවාල සිදුවී නොමැති නමුත්, ඔහු දැඩි තිගැස්මට (Shock) ලක්ව සිටීම නිසා ප්‍රථමාධාර ලබාදී ඇත.

දුම්රිය මාර්ගයේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියට සේවා රථය බාධාවක් වූයේ කෙසේද යන්න පිළිබඳව කීවි රේල් ආයතනය වහාම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මීට අමතරව, සන්නිවේදන ප්‍රොටෝකෝල, මාර්ග ප්‍රවේශ විස්තර සහ යාන්ත්‍රික දෝෂ පැවතුණේද යන්න පරීක්ෂා කිරීම සඳහා ප්‍රවාහන ආරක්ෂණ පාලකයන් සහ වර්ක්ෂේෆ් (WorkSafe) ආයතනයද මැදිහත්ව සිටියි. සිය ගණනක් ටොන් බරැති භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වහා නැවැත්වීමට විශාල දුරක් අවශ්‍ය වන බැවින් මෙවැනි දුම්රිය මාර්ග අනතුරු දැඩි අවදානමක් සහිත අතර, මෙම සේවකයාගේ ක්ෂණික බුද්ධිය නිසා මහත් විනාශයක් වැළකී ගියේය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *