
තමන්ව විශ්වාස කළ අනුගාමිකයන්ගෙන් රුපියල් මිලියන ගණනක මුදල් එකතු කර, පසුව එම සියලු මුදල් අහිමි වූ බව පවසමින් දහස් සංඛ්‍යාත පිරිසක් අසරණ කළ දැවැන්ත මූල්‍ය වංචාවක තොරතුරු ‘Stuff’ පුවත්පත කළ ගවේෂණාත්මක අනාවරණයකින් හෙළි වී තිබේ. සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් සංවිධායකයන් පිරිසක් විසින් ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වෙමින් මෙම මුදල් ව්‍යාපෘතිය පවත්වාගෙන ගොස් ඇති අතර, අවසානයේ ආයෝජකයන්ගේ ජීවිත කාලය පුරාම එකතු කළ මුදල් සහ විශ්‍රාමික අරමුදල් පවා නොලැබී යාමෙන් සාමාන්‍ය ජනතාව දැඩි අර්බුදයකට ලක්ව සිටිති.
වෙළඳපොළ පාඩුවීම් සහ අසාර්ථක ගනුදෙනු හේතුවෙන් එකතු කළ මුදල් සියල්ල “අතුරුදහන්” වූ බව පවසමින් සංවිධායකයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සමඟ ආයෝජකයන් දැඩි නොසන්සුන්තාවට පත්ව ඇත. නියාමනය නොවූ සහ විනිවිදභාවයකින් තොර මෙවැනි ආයෝජන ක්‍රමවේද (unregulated investment schemes) හරහා සිදුවන අවදානම මින් පැහැදිලි වන අතර, සිදුවූ මූල්‍ය හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සහ මුදල් ගලාගිය ආකාරය සෙවීමට දැනටමත් අදාළ බලධාරීන් සහ liquidator වරුන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

0 Comments