← BACKUncategorized

වසර 4ක් පුරා රටක් ඇන්දූ ටොම් ෆිලිප්ස්ගේ ඛේදනීය අවසානයට පොලිසිය සහ ළමා සුරැකුම් ආයතනය වැරදි පිළිගනී!

BY Dhanush•PUBLISHED SEPTEMBER 15, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයම කැළඹූ ටොම් ෆිලිප්ස් සහ ඔහුගේ කුඩා දරුවන්ගේ අතුරුදහන් වීමේ සිදුවීම වැළැක්වීමට මෙන්ම දරුවන් වේලපහින් මුදාගැනීමට හැකියාව තිබූ බවට නිකුත් වූ දැඩි විවේචනාත්මක වාර්තාවක් හමුවේ නවසීලන්ත රජය සහ ළමා සුරැකුම් ආයතනය (Oranga Tamariki) සිය හිස නමා සමාව අයැද සිටී. වසර හතරකට ආසන්න කාලයක් මැරොකොපා හි සිය දරුවන් තිදෙනා සමඟ සැඟවී සිටි ෆිලිප්ස්, පසුගිය වසරේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත් වූ අතර, මෙම සමස්ත සිදුවීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන වාර්තාව මඟින් පොලිසිය සහ අදාළ ආයතන අතින් සිදු වූ බරපතල අතපසු වීම් රැසක් අනාවරණය කර ඇත.

ෆිලිප්ස්ගේ මෝටර් රථය හමුවීමෙන් පසුව සහ ඔහු පිළිබඳව ලැබුණු තොරතුරු හමුවේ වහා ක්‍රියාත්මක නොවීම, සැකකරුගේ ගිනිඅවි සහ මත්පැන් භාවිතය පිළිබඳ තොරතුරු නොසලකා හැරීම මෙන්ම මව සහ වැඩිමහල් සොහොයුරියන් ලබා දුන් සාක්ෂි මායිම් නොකිරීම ඇතුළු අඩුපාඩු රැසක් මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, මෙම අතපසු වීම් පිළිගනිමින් ළමා සුරැකුම් ආයතනයේ ප්‍රධානී අමන්දා මාලු, දරුවන්ගෙන් සහ මවගෙන් කණගාටුව පල කරමින් පූර්ණ සමාව අයැද සිටියද, පොලිස් නියෝජ්‍ය කොමසාරිස් ජිල් රොජර්ස් පවසන්නේ මෙම වැරදි සිදු නොවූවත් අවසාන ප්‍රතිඵලයේ වෙනසක් සිදුවනු ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි බවයි. 2023 මැයි මාසයේදී ලැබුණු තොරතුරක් ඔස්සේ ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම ඇතුළු අඩුපාඩු රාශියක් සිදු වූ බව පිළිගන්නා පොලිසිය, මෙය ඉතා සංකීර්ණ සහ අභියෝගාත්මක මෙහෙයුමක් වූ බැවින් ආරක්ෂක අවදානම් සලකා බලමින් කටයුතු කිරීමට සිදු වූ බව අවධාරණය කරයි. ඒ අනුව, සිදු වූ අතපසු වීම් පිළිබඳව කණගාටුව පළ කරන රාජ්‍ය ආයතන, මෙවැනි අසාර්ථක වීම් ඉදිරියට සිදු නොවීම සඳහා සිය පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගනිමින් සිටී.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *