
මැදපෙරදිග හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ ගුවන් යානා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු 21.5%ක දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව නවතම සංඛ්යාදේඛන අනාවරණය කරයි. නවසීලන්ත සංඛ්යාදේඛන දෙපාර්තමේන්තුව (Stats NZ) විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2026 අගෝස්තු දක්වා වූ කාලය තුළ වාර්තා වූ මෙම ඉහළ යාම 2023 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ වැඩිම වාර්ෂික ගුවන් ගාස්තු වර්ධනයයි. ගුවන් සේවා කර්මාන්ත සංගමයේ (Aviation Industry Association) ප්‍රධාන විධායක සයිමන් වොලස් (Simon Wallace) පෙන්වා දෙන්නේ මැදපෙරදිග අර්බුදය නිසා ගුවන් යානා ඉන්ධන මිල 2025 වසරට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මීට අමතරව සිවිල් ගුවන් සේවා ගාස්තු, ගුවන්තොටුපළ ගොඩබෑමේ ගාස්තු සහ පාලන වියදම් ඉහළ යාමද මෙම ගාස්තු සංශෝධනයට සෘජුවම බලපා ඇත.
විශේෂයෙන්ම යුරෝපය සහ ආසියාව අතර ගුවන් ගමන් සඳහා මෙම මිල ඉහළ යාම දැඩි ලෙස බලපා ඇති අතර, මැදපෙරදිග ගුවන් සීමාවන් සීමා වීම නිසා එම කලාපය හරහා දිවෙන එමිරේට්ස් (Emirates), කටාර් එයාර්වේස් (Qatar Airways) සහ එතිහාඩ් (Etihad) වැනි ගුවන් සේවාවල ධාරිතාව අඩුවීම මීට ප්‍රධාන හේතුවක් වී තිබේ.
කෙසේ වෙතත්, අධික ගාස්තු හමුවේ වුවද ජාත්‍යන්තර සංචාරක ඉල්ලුම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. සංචාරක ඒජන්තවරුන්ගේ සංගමයේ (Travel Agents Association) ප්‍රධාන විධායක ජුලි වයිට් (Julie White) සඳහන් කරන්නේ, ගාස්තු ඉහළ ගියද සංචාරකයන් සිය ගමන් බිමන් සම්පූර්ණයෙන්ම අවලංගු කරනවා වෙනුවට කුක් දූපත් (Cook Islands) වැනි ආසන්න සංචාරක ගමනාන්ත තෝරාගැනීමටත්, 5 star හෝටල් වෙනුවට සාමාන්‍ය නවාතැන්පොළවල් තෝරාගනිමින් වියදම් පාලනය කරගැනීමටත් පෙළඹී සිටින බවයි.

0 Comments