← BACKWeather

නවසීලන්තයේ වකාරී ගිනිකන්දෙන් පිටවන දුමාරයේ අවදානම් මට්ටම 3 දක්වා ඉහළට!

BY Dhanush•PUBLISHED OCTOBER 21, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ සුප්‍රසිද්ධ සක්‍රීය ගිනිකඳු දූපතක් වන වකාරී හෙවත් වයිට් අයිලන්ඩ් (Whakaari/White Island) හි අළු විමෝචනය වීමත් සමඟ ගිනිකඳු අවදානම් මට්ටම 3 වන මට්ටම දක්වා ඉහළ නංවා ඇති බව භූ විද්‍යාත්මක බලධාරීන් නිවේදනය කරයි. බේ ඔෆ් ප්ලෙන්ටි (Bay of Plenty) මුහුදු සීමාවේ පිහිටා ඇති මෙම ගිනිකන්දෙන් අඛණ්ඩව අළු සහ වායු විමෝචනය වීම තහවුරු වීමත් සමඟ පෘථිවි විද්‍යා ආයතනය (Earth Sciences New Zealand – GeoNet) විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ගුවන් සේවා සඳහා නිකුත් කර තිබූ වර්ණ සංකේතය Yellow සිට Orange වර්ණයට උසස් කර තිබේ.

පසුගිය අඟහරුවාදා පස්වරුවේ සිදු කරන ලද ගුවන් නිරීක්ෂණයකදී ප්‍රධාන ආවාටය තුළ අළු තැන්පත් වී ඇති බවට තොරතුරු අනාවරණය වූ අතර, පසුගිය සතිය තුළ ආවාටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 සිට 395 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, මෙය පුපුරා යාමේ ස්වභාවයක් නොවන බවත්, අඩු තීව්‍රතාවයකින් යුත් අඛණ්ඩ අළු පිටකිරීමේ අවධියක් පමණක් බවත් වැඩබලන ගිනිකඳු විශේෂඥ මයිකල් රොසෙන්බර්ග් (Michael Rosenberg) පෙන්වා දෙයි. ප්‍රධාන භූමියට ක්ෂණික අනතුරක් නොමැති වුවද, ගිනිකන්දේ ස්වභාවය අස්ථායී බැවින් හදිසි පිපිරීම් ඇතිවීමේ හැකියාව පවතින හෙයින් අවදානම් කලාපවලින් ඉවත්ව සිටින ලෙස බලධාරීන් ජනතාවට සහ ගුවන් සේවාවලට දැඩි ලෙස අවවාද කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *