← BACKUncategorized

ස්ටර්ජස් රෝඩ් දුම්රිය ස්ථානය අසල ඛේදනීය සිදුවීමකින් කාන්තාවකගේ පණ යයි!

BY Dhanush•PUBLISHED OCTOBER 23, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් (West Auckland) ප්‍රදේශයේ පදිකයන් සඳහා වූ දුම්රිය හරස් මාර්ගයකදී සිදු වූ ඛේදනීය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමත් සමග ප්‍රදේශයේ ජනතාව මහත් කම්පනයට පත්ව ඇති අතර, කලාපීය දුම්රිය ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබේ. හෙන්ඩර්සන් (Henderson) හි මවුන්ට් ලෙබනන් පාරේ (Mt Lebanon Lane) පිහිටි ස්ටර්ජස් රෝඩ් (Sturges Road) දුම්රිය ස්ථානය ආසන්නයේදී පදිකයෙකු දුම්රියක ගැටී ඇති බවට ලද තොරතුරකට අනුව පස්වරු 2.55 ට පමණ පොලිසිය සහ Hato Hone St John ගිලන්රථ සේවාව වහාම ක්‍රියාත්මක වී සිද්ධිය වූ ස්ථානයට ළඟා වූහ. කෙසේ වෙතත්, අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ කාන්තාව සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් සිටි බව වැඩබලන පොලිස් පරීක්ෂක වෝර්වික් ස්ටේන්ටන් (Warwick Stainton) මහතා තහවුරු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති පොලිසිය, මියගිය කාන්තාවගේ ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, පරීක්ෂණ කටයුතු සඳහා අදාළ ප්‍රදේශයට ආරක්ෂිත මාර්ග බාධක යොදවා තිබේ. මෙම ඛේදනීය අනතුර ඇසින් දුටු යම් අයෙකු වෙතොත් වහාම පොලිසිය හා සම්බන්ධ වන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටියි. මෙම සිදුවීමත් සමග ඕක්ලන්ඩ් ප්‍රවාහන අධිකාරිය විසින් මනුකාව් සහ හෙන්ඩර්සන් අතර පමණක් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගත් අතර, ස්ටර්ජස් රෝඩ්, රනුයි සහ ස්වාන්සන් යන ස්ථාන මඟහරින ලදී. මගී අපහසුතා මගහැරීම සඳහා විනාඩි 30 කට වරක් විකල්ප බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා තිබුණි.

මෙම අනතුර සිදුවූයේ පසුගිය මාසයේදී ද මවුන්ට් ඇල්බට් ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් මවුන්ට් ඇල්බට් ග්‍රැමර් පාසලේ (Mount Albert Grammar) සිසුවෙකු ජීවිතක්ෂයට පත්වූ සිදුවීමෙන් නොබෝ දිනකට පසුව වීම විශේෂත්වයකි. මහා මාර්ග සහ දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව පදිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාව මෙම පපුව පසාරු කර යන ඛේදනීය සිදුවීම මගින් නැවතත් මතක් කරදී තිබේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *