← BACKEducation

නවසීලන්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැඟවුණු ඇත්ත!

BY Dhanush•PUBLISHED OCTOBER 23, 2026•1 MIN READ•0 COMMENTS

ඊයේ දිනයේ “ලක්කිවි” අප විසින් නවසීලන්තයේ අධ්‍යාපන ආයතනයක් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා. එම ප්‍රවෘත්තියත් සමඟ විවිධ පාර්ශ්වයන් කමෙන්ටු හරහා විවිධ මත පළ කර තිබූ අතර, ඇතැමෙක් ඒ සම්බන්ධයෙන් තමන්ගේ පිටුවල පෝස්ටු ද ඊට විරුද්ධව පළ කර තිබෙනු අප දුටුවා. මේ සියලු දෙනාටම අප අවධාරණය කර සිටින්නේ, අප කිසිදු ලිපියක් පළ කිරීමට පෙර ඒ පිළිබඳ පූර්ණ සන්නද්ධ වීමකින් හා කරුණු තහවුරු කරගැනීමකින් තොරව කටයුතු නොකරන බවත්, එහි අඩංගු සියලු කරුණු සම්බන්ධයෙන් පූර්ණ වගකීම භාරගැනීමට අපි බැඳී සිටින බවත්ය.

අසරණ වූ මිනිසුන් වෙනුවෙන් එක වචනයක් හෝ කතා කරමින්, ඇත්ත වෙනුවෙන් පෙනී සිටි කිසිම අයකු අප එහි දුටුවේ නැත. නමුත් තවමත් ඇතැමෙක් පුද්ගලික වාසි අරමුණු කරගනිමින්, අදාළ ආයතන වෙනුවෙන් කිසිදු ලජ්ජාවකින් තොරව පෙනී සිටීම අතිශය කණගාටුදායකය. ඒ පිළිබඳ අපට ගැටළුවක් නැත. ඔබට රිසි පැත්තක් තෝරා ගැනීමට නිදහස ඇත. එහෙත්, “ඇත්ත සැමවිටම තිත්තය” යන වග කිසිවිටකත් අමතක නොකරන්න. අදාළ අධ්‍යාපන ආයතනවල වැරදි සහ අඩුපාඩු මෙන්ම, මඩිය තරකර ගැනීමේ පරමාර්ථයෙන් එම ආයතන වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයන් සිටී නම්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය ආයතනයක් හැටියට අපගේ මූලික වගකීමයි.

අප මීට පෙර පළ කළ ලිපියේ සත්‍ය අසත්‍යතාවය තෝරාබේරා ගැනීමට ඕනෑම අයෙකුට පුළුවන. ඊට කදිම සාක්ෂියක් ලෙස, තහනමට ලක් වූ අදාළ ආයතනය විසින්ම වින්දිත ශිෂ්‍යයන් වෙත එවන ලද විද්‍යුත් තැපැල් පණිවුඩ (Email) ඉහත පින්තූරයේ දැක්වේ. එය පරීක්ෂා කර බැලීමෙන් තවදුරටත් ඔබට සත්‍ය වටහා ගත හැක.

අවසන් වශයෙන් කියන්න ඇත්තේ මොහොතක් සිතා බලන්න, වසර ගණනාවක් පුරා රැකගත් සිහිනයක් වෙනුවෙන් බලා සිට, ලැබුණු වීසා බලපත්‍රයෙන් පවා රටට යාමට නොහැකි වූ විට ඒ අසරණයාට දැනෙන වේදනාව කොපමණද? එම වේදනාව ඔවුන්ගේ සපත්තුවටම බැස බැලිය හැකි නම්, ඇත්ත කියද්දී කෙඳිරිගාන පිරිස අඩුම තරමින් නිහඬ වීමටවත් පුරුදු වනු ඇත. ස්තූතියි!

  • ලක්කිවි –

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *