
එළඹෙන ගිම්හාන නිවාඩු සමයේ රැකියා අපේක්ෂාවෙන් පසුවන විශ්වවිද්‍යාල සිසුන්ට සහ තරුණ තරුණියන්ට සාම්ප්‍රදායික සිල්ලර වෙළඳ (retail) හා ආගන්තුක සත්කාර (hospitality) ක්ෂේත්‍රවලින් ඔබ්බට ගොස් කෘෂිකාර්මික ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමුකරන ලෙස ආර්ථික විද්‍යාඥයින් උපදෙස් දෙයි.
පවතින ආර්ථික පසුබිම හමුවේ මෙවර ගිම්හාන රැකියා වෙළඳපොළ ද්විත්ව ස්වභාවයක් ගන්නා බව පෙන්වා දෙන BNZ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මයික් ජෝන්ස් (Mike Jones) සඳහන් කරන්නේ, සාමාන්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි මන්දගාමී ස්වභාවයක් පැවතියද ප්‍රාථමික නිෂ්පාදන හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය වෙමින් පවතින බවයි.
කළු සිකුරාදා (Black Friday) සහ නත්තල් සමයේ කෙටි කාලීන උච්චතම අවස්ථාවන් මත පමණක් පදනම් වන සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයට වඩා, පලතුරු අස්වනු නෙලීම හා ආහාර සැකසුම් වැනි කෘෂිකාර්මික අංශවල ස්ථාවර රැකියා නියුක්තියක් පවතින බව ක්ෂේත්‍රයේ ප්‍රධානීහු පෙන්වා දෙති. පාරිභෝගික වියදම් සීමාවීම සහ ගෘහස්ථ අයවැය පීඩනය හමුවේ ආපනශාලා සහ හෝටල් ක්ෂේත්‍රයන්හි නව සේවකයින් බඳවා ගැනීම සීමාසහිත විය හැකි බව ආපනශාලා සංගමයේ (Restaurant Association) ජෙනරාල් කළමනාකාරිනී නිකෝලා වෝල්ඩ්‍රන් (Nicola Waldren) ප්‍රකාශ කළාය.
එබැවින් අධික තරගකාරීත්වයට පෙර ඉක්මනින්ම රැකියා සෙවීම ආරම්භ කිරීමත්, කෘෂිකාර්මික ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමත් සාර්ථක රැකියාවක් සොයාගැනීමට ඇති හොඳම මග බව විශේෂඥයෝ පෙන්වා දෙති.

0 Comments