
රිය පදවන අතරතුර ජංගම දුරකථන භාවිත කරන පිරිස් ඉහළ යාම වැළැක්වීම සඳහා මාර්ග අන්තර්හුවමාරු ආශ්‍රිතව නවීන ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමට සහ දඩ මුදල් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට නවසීලන්තය පියවර ගනිමින් සිටියි. නවසීලන්ත පොලිස් වාර්තාවලට අනුව, 2021 වසරේදී රිය පදවන අතරතුර දුරකථන භාවිතය සඳහා වන දඩය ඩොලර් 80 සිට 150 දක්වා ඉහළ දැමුවද, 2023 වසරේ සිට මේ දක්වා වසරකට රියදුරන් 50,000කට වැඩි පිරිසකට ඒ වෙනුවෙන් දඩ නියම වී ඇත. මෑතකදී පුද්ගලයින් 1,000 දෙනෙකු යොදාගනිමින් පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, සෑම රියදුරන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුම රිය පදවන අතරතුර කෙටි පණිවුඩ යවන අතර දසදෙනෙකුගෙන් එක් අයෙකු සමාජ මාධ්‍ය නරඹන බවයි.
නවසීලන්ත මෝටර් රථ සංගමයේ Dylan Thomsen පෙන්වා දෙන්නේ පවතින නීති යටතේ වැරදිකරුවන් කොටුකර ගැනීමේ හැකියාව අඩු බැවින්, රියදුරන් දැනුවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙන් ජංගම කැමරා තාක්ෂණය හඳුන්වා දිය යුතු බවයි. එමෙන්ම ‘බ්රේක්’ (Brake) නම් මාර්ග ආරක්ෂණ සංවිධානයේ කැරොලයින් පේරි (Caroline Perry) සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල පවතින ඉහළ දඩ මුදල් ක්‍රමය නවසීලන්තයටද අත්‍යවශ්‍ය බවයි.
මෙම තාක්ෂණික කැමරා පද්ධති හඳුන්වාදීමට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් වන ක්‍රිස් හිප්කින්ස් (Chris Hipkins) සහ ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) සිය එකඟතාව පළ කර ඇති අතර, පොලිසිය සහ මාර්ග ආරක්ෂක සංවිධාන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ රිය පැදවීමේදී ජංගම දුරකථන ‘Do Not Disturb’ මාදිලියට යොමු කරන ලෙසයි.

0 Comments