← BACKUncategorized

‘මේක නම් පිස්සුවක්’! ජල කාන්දුවක් හදාගන්න දින 10ක් බලන් ඉන්න වුණු අමුතු නීතිය…

BY Dhanush•PUBLISHED OCTOBER 31, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ කාටර්ටන් (Carterton) ප්‍රදේශයෙන් ජලය ලීටර් ලක්ෂ පහක් පමණ අපතේ යමින් තිබියදීත්, නීතිමය බාධක සහ නිලධාරීවාදී නීති (red tape) හේතුවෙන් ජල කාන්දුවීම් කඩිනමින් පිළිසකර කර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මීට පෙර නවසීලන්තයේ නල මාර්ග සහ පෞද්ගලික දේපළ ආශ්‍රිත ජල නල පද්ධතිවල කාන්දුවීම් හඳුනාගත් විගස ඒවාට ඇතුළු වී අලුත්වැඩියා කිරීමට සභාවට බලය තිබුණද, 2025 වසරේ නව ජල සේවා පනත ක්‍රියාත්මක වීමත් සමඟ මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. පෞද්ගලික දේපළකට ඇතුළුවීමට අවම වශයෙන් දින 10කට පෙර ලිඛිතව දැනුම් දිය යුතු වීම සහ දේපළ හිමියන්ගේ විරෝධතා මත නඩු මාවත්වලට පිවිසීමට සිදුවීම හේතුවෙන් ජලය අපතේ යන අතරතුර සභාව අසරණ වී තිබේ.

මෙම නව නීතිමය සංකීර්ණතා නිසා Brooklyn පාරේ සිදු වූ ජල කාන්දුවක් අලුත්වැඩියා කිරීමට සභාවට සති පහක පමණ කාලයක් ගත වූ බවත්, එමඟින් මිනිත්තුවකට ජලය ලීටර් 10 බැගින් අපතේ ගිය බවත් කවුන්සිල සාමාජික බ්‍රයන් ඩෙලර් (Brian Deller) පෙන්වා දෙයි. මෙම තත්ත්වය “සම්පූර්ණයෙන්ම උමතු සහගත” එකක් ලෙස හඳුන්වා දුන් කාටර්ටන් නගරාධිපති ස්ටීව් ක්‍රෙට්නි (Steve Cretney), දින 10ක දැනුම්දීමේ කාලය, සම්පූර්ණයෙන්ම හාස්‍යජනක බව ප්‍රකාශ කළේය.

2008 වසරේ ජල මීටර්ස් ස්ථාපනය කිරීමේදී පොදු සහ පෞද්ගලික නල මාර්ග නිසි ලෙස වෙන් කර නොතිබීම නිසා අයිතිවාසිකම් ගැටලු සහ අසල්වැසියන් අතර මතභේද හටගෙන ඇති අතර, මේ සඳහා තාවකාලික විසඳුමක් ලෙස ඩොලර් 38,000ක මුදලක් යොදවමින් පොදු නල මාර්ග නැවත සකස් කිරීමට සභාව මෑතකදී ඡන්දය ප්‍රකාශ කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *