
මරණයට දින නියම වී තිබියදී විවාහ වුන නවසීලන්ත පොලිස් නිළධාරිනිය.
**Sophie Moore**ගේ කතාව තවත් එක් සාමාන්‍ය කතාවක් නොවෙයි. එය ආදරයෙන් හා ගැඹුරු වේදනාවෙන් පිරුණු නමුත් අභීතව නිමා වූ ධෛර්‍යවන්ත ජීවිත කතාවකි.
“අනිත් අය පසුබසින අවස්ථා වලත්, ඇය ඉදිරියට ගියා”
Christchurch නගරයේ තරුණ පොලිස් විමර්ශන නිලධාරිනියක් වූ සොෆී, තම රැකියාවට හදවතින්ම ආදරය කළා.අනතුරුදායක අවස්ථාවලදී පවා, ඇය ඇගේ රාජකාරිය ඉහළින්ම ඉටුකළා.
ඇයගේ සහෝදර නිලධාරීන් පවා ඇය ගැන කියන්නේ – “අනිත් අය මගහරින බොහෝ තැන් වලදී, සොෆී නිර්භීතව ඉදිරියට ගියා” කියලා.
හදවතින් ධෛර්යවන්ත වූ සොෆීට දෛවයෙන් හරස් වෙනවා.
2023 සැප්තැම්බරයේදී ඇගේ ජීවිතය හදිසියේම වෙනස් වුණා. ඒ ඇයට දුර්ලභ රුධිර පිළිකාවක් ඇති බවට හඳුනා ගත් පසුවයි.
ජීවිත සටනක්… නමුත් ඇය නිර්භීතයි….
සොෆීට වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භ කළා.කීමෝ චිකිත්සාව, ස්ටෙම්-සෙල් ප්‍රතිකාර වගේ පිළිකාවට නියම වුනු බොහෝ ප්‍රතිකාර සදහා ඇයව යොමු කළා. ඒ විතරක් නෙමෙයි විදෙස් රටවලට පවා ඇයව රැගෙන ගියා.
ඔවුන් සොෆීගේ ජීවිතය බේරගන්න පුළුවන් පුළුවන් කියල හිතෙන හැම දෙයක්ම කළා.
මේ සෑමතැනකම ඇගේ අසලින් කිසිදා නොවෙනස්වුනු එක් පුද්ගලයෙක් සිටියා. ඒ ඇගේ ආදරවන්තයා වූ **Koryn**යි.
ඔහුත් පොලිස් සේවයට බැදී සිටි නිලධාරියෙකි.
ඇගේ අසනීපය අතරතුර, සතුටේදීත්, වේදනාවේදීත් ඔහු ඇයගේ අත අත්නොහරිමින් ඇයව හොදින් රැකබලාගත්තා.
කාලයකට සුවයක් ලැබුණත්, පිළිකාව නැවත නැවතත් පැමිණියා.මෙවර, සටන තව තවත් දැඩි වුණා. එන්න එන්නම සොෆීගේ තත්වය දරුණු අතට හැරුණා.
සොෆීගේ අවසන් කැමැත්ත
ඇගේ ශරීරය කෙමින් දුර්වල වුණත්, ඇගේ හදවත තවමත් ආදරයෙන් පිරී තිබුණා.
ඇයගේ අවසන් කැමැත්ත හරිම සරලයි.
ඒ මරණයට පෙර “ඔහුගේ භාර්යාව වීම.”
ඇගේ පණගැහෙන ආදරය වෙනුවෙන්, ජීවිතයේ එක් අවසාන දිනයක, පවුලේ අය හා සමීප මිතුරන් ඉදිරියේ,
සොෆී සහ කොරින් විවාහ වුණා.
එය සැනකෙළියක් බදු උත්සවයක් නොවුණත්,
ඒ මොහොත ආදරයෙන්, කඳුළින්, සහ හදවතේ ගැඹුරුම හැඟීම්වලින් පිරී තිබුණා.
සියල්ල අවසන් වී දින දෙකකට පසුව,
සොෆී සන්සුන්ව ඇගේ අවසන් හුස්ම හෙළුවා.
ඇත්තට ඒ ආදරණීය පොලිස් නිලධාරිනිය පසුබසින්නෙ නැහැ… අවසන් මොහොත දක්වාම ඇගේ එකම අරමුණ , ආශාව, ඇගේ ලෝකයම වූ ඒ ආදරය වෙනුවෙන් සටන් කළා අන්තිමේ ජයග්‍රාහීව මියගියා.
අද Christchurch නගරය ඇයව සිහිපත් කරන්නේ,
පොලිස් නිලධාරිනියක් ලෙස පමණක් නොවෙයි.
ආදරය වෙනුවෙන්, ජීවිතය වෙනුවෙන්, අවසන් හුස්ම දක්වා සටන් කළ ධෛර්යවන්ත ගැහැණියක් ලෙසයි.
සොෆීගේ කතාවෙන් අපට කියන්නෙ එකම එක දෙයක් –
ජීවිතය කෙතරම් කෙටි වුණත්,
ආදරය ඇත්නම්,
ඒ ජීවිතය අර්ථවත් වෙනවා.
ඇය ගියා…
නමුත් ඇය ඉතිරි කළ ආදරය, ධෛර්යය සහ සිහිනයන් තවමත් ජීවත් වෙනවා. ![]()
මේ කතාවෙ සොෆී ඔබ වුනා නම් ඔබ ගන්නෙත් ඇයගේ තීරණයමද?

0 Comments