
ලෝකයේ සුන්දරත්වය, සතුන්ගේ ජීවන රටාව සහ පෘථිවියේ රහස් තැන් සියුම් ලෙස කැමරාවට හසු කරගත් විශ්මිත ඡායාරූප පෙළක්, මෙවර World Nature Photography Awards තරඟයේදී ප්‍රකාශයට පත් කර තිබුනා.
මෙවර තරඟයට රටවල් 50 කට අධික ප්‍රමාණයකින් ඡායාරූපකරුවන් සහභාගී වී තිබුණි.
වසරේ හොදම ස්වභා සෞන්දර්යාත්මක ඡායාරූප ශිල්පියා ඕස්ට්‍රේලියාවෙන්.
මෙවර ප්‍රධාන සම්මානය දිනාගත්තේ ඕස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පි Jono Allen ය.
ජයග්‍රාහී ඡායාරූපය ගැන බිදක්;
ටොන්ගා දූපත් අසල මුහුදු ජලයේ ගැඹුරු ස්ථානයක් ඉතා අසීරුවෙන් ගන්නා ලද ඡායාරූපයක්.
සුදු හම්ප්බැක් තල්මසුන්ගේ (white humpback whale) කුඩා පැටවෙක් සහ මව එකට පිහිනමින් සිටින ආකර්ෂණීය දර්ශනයක්.
විශේෂම කාරණය නම් මෙම වර්ගයේ සුදු තල්මසුන් ඉතා දුර්ලභයි. මෙවැනි දසුනක් දැකිය හැක්කේ සහස්ර ගණනකට වරක් ලෙස සැලකේ.
මෙම ඡායාරූපය සොබාදහමේ විශ්මිතබව සහ එය සුරක්ෂිත කිරීමේ වැදගත්කම ලෝකෙටම සිහිපත් කරයි.
අනෙක් කැපී පෙනෙන ජයග්‍රහණ මොනවාද?
සත්ව පිංතූර (Animal Portrait)
උගන්ඩාවේ බ්වින්දි වනාන්තරයේ ගන්නා ලද ඡායාරූපයක්
කුඩා ගෝරිල්ලා පැටියෙක් සමනලයෙක් දෙස මෘදු හා ආදර්ණීය ලෙස බලන දර්ශනයක්.
මිනිසාට සමීප සතුන්ගේ සෞන්දර්යාත්මක හැඟීම් ඉතා පැහැදිලිව පෙන්වයි

අභියෝගාත්මක ස්වභාවධර්මය (Extreme Nature)
නමිබ් කාන්තාරයේ වැලි සුළඟක් අතර ගමන් කරන කැමලියන් (chameleon)
මෙමගින් අධික පාරිසරික තත්ත්වයන් තුළ සතුන්ගේ ජීවත්වීමේ ශක්තිය විදහාපෙන්වයි

පාරිසරික පණිවිඩයක්
කසළ ගොඩක් අතර ආහාර සොයන හිම වලසා (polar bear)
මිනිසාගේ බලපෑම සොබාදහමට ඇති කරන අවදානම මෙයින් ඉස්මතු කරයි.

තරඟයේ විශේෂත්වය
රටවල් 51 කින් සහභාගී වූ ඡායාරූපශිල්පීන්.
සතුන්, පක්ෂීන්, ශාක, දර්ශන සහ පාරිසරික ගැටලු ඇතුළත් වර්ග කිහිපයක තරඟ.
සොබාදහමේ ලස්සන පමණක් නොව, එය රැකගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කිරීම.
මෙම ජයග්‍රාහී ඡායාරූප අපට මතක් කරන්නේ — පෘථිවිය විශ්මිතයි, නමුත් එය ආරක්ෂා කිරීම අපගේ මහගු වගකීමයි.
“ඔබත් ස්වභාව සෞන්දර්යට ඇලුම්කරන ලස්සන මනුස්සයෙක් වෙන්න” කියලා ආදරෙන් ඉල්ලන අතරතුරේම ලෝකෙ ලස්සනම ඡායාරූපවලට ඔබගේ ප්‍රතිචාරය දක්වන්නත් අමතක කරන්න එපා.

0 Comments