
නවසීලන්තයේ Wellington නගරය සඳහා ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කරන විශේෂ සංවර්ධන හා කළමනාකරණ සැලැස්මක් නගර සභාව විසින් අනුමත කර තිබේ. මෙම සැලැස්ම ඉදිරිපත් කර ඇත්තේ Wellington නගරාධිපති Andrew Little මහතා විසිනි.
මෙම සැලැස්ම Wellington City Council තුළ පැවති ඡන්දයකින් 15 දෙනෙක් අනුමත කරමින් සහ 3 දෙනෙක් විරුද්ධව ඡන්දය දෙමින් අවසානයේ සම්මත විය.
මෙය වසර කිහිපයකට පසු නගර සභාව විසින් සම්මත කළ පළමු “වසර තුනක ප්‍රධාන සැලැස්ම” ලෙසද සැලකේ.
🏗️ නගරයේ යටිතල පහසුකම් ගැටලු විසඳීම
මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණක් වන්නේ වෙලින්ටන් නගරයේ පවතින ජලය සහ අපද්‍රව්‍ය පද්ධති ගැටලු විසඳීමයි.
විශේෂයෙන්ම මෑතකදී ගැටලු ඇති වූ Moa Point Wastewater Treatment Plant අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කර්මාන්තශාලාව සම්බන්ධයෙන් අලුත්වැඩියා හා පාලනය වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත.
🏠 ඉදිකිරීම් අනුමැතිය ඉක්මන් කිරීම
නව සැලැස්ම යටතේ
👉🏻ගොඩනැගිලි ඉදිකිරීම් සදහා අනුමැති ලබාදීම ඉක්මන් කිරීමට විශේෂ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කර ඇත.
👉🏻මේ නිසා නිවාස සංවර්ධනය සහ ව්‍යාපාරික ඉදිකිරීම් වඩා ඉක්මනින් සිදු කිරීමට හැකි වනු ඇත.
💰 නගර සභා වියදම් පාලනය
👉🏻වෙලින්ටන් නගර සභාවට මුහුණ දීමට සිදු වූ ඉහළ වියදම් සහ බදු (rates) වැඩිවීම පාලනය කිරීමත් මෙම සැලැස්මේ වැදගත් අංගයකි.
👉🏻පෙර යෝජිත 12.7% බදු වැඩිවීම අඩු කර එය 7% – 8% පමණට අඩු කිරීමට උත්සාහ කරමින් සිටින බව සඳහන් වේ.
🔍 නගර සභාවේ පාරදෘශ්‍යතාව වැඩි කිරීම
නගරාධිපති Andrew Little පවසන්නේ,
👉🏻නගර සභාවේ තීරණ සහ දෝෂ වඩාත් විවෘතව ජනතාවට පැහැදිලි කළ යුතු බවයි.
👉🏻එය මගින් මහජන විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට හැකි වන බවද ඔහු සඳහන් කර ඇත.
Wellington ජනතාවට ඉදිරි වසර තුන සුභදායක වෙයිද?

0 Comments