← BACKUncategorized

අමෙරිකානු හමුදා ගුවන් යානා දෙකට ගුවන් සීමාව වසා දැමූ ස්විස්ටර්ලන්තය.

BY DhanushPUBLISHED MARCH 15, 20261 MIN READ0 COMMENTS

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අමෙරිකානු හමුදාවට අයත් නිල ගුවන් යානා දෙකක් ස්විට්සර්ලන්ත ගුවන් කලාපය හරහා පියාසර කිරීමට කළ ඉල්ලීම ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

⚖️ මධ්‍යස්ථභාවය හේතුවෙන් ගත් තීරණයක්.

ස්විට්සර්ලන්තය දිගු කාලයක් පුරා පවත්වාගෙන යන මධ්‍යස්ථභාවය (Neutrality) පිළිබඳ නීති සහ ප්‍රතිපත්ති උපුටා දක්වමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.
යුධමය හෝ හමුදා සම්බන්ධ ගුවන් ගමන් පිළිබඳව එරට දැඩි නීති ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

✈️ යානා 2කට තහනම්. 3කට යන්න පුළුවන්.

ස්විට්සර්ලන්තය ගුවන් යානා දෙකට අවසර නොදුන්නද,
තවත් ගුවන් යානා තුනක් සඳහා ගුවන් සීමාව විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබේ.

🔧 නඩත්තු සහ ප්‍රවාහන ගුවන් ගමන් වලට පමණක් අවසර

ස්විට්සර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයට අනුව,
අවසර ලබා දී ඇත්තේ නඩත්තු කටයුතු සහ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන ගුවන් යානා සඳහා පමණක් වන අතර,
හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ යානා සඳහා අවසර ලබා නොදුන් බව සඳහන් වේ.

📌 මේ තීරණය මධ්‍යස්ථ රටක් ලෙස ස්විට්සර්ලන්තය පවත්වාගෙන යන ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කරන සිදුවීමක් ලෙස විදෙස් විචාරකයන් සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *