← BACKEconomy

“තව ටිකක් ඉන්න…අපි සහන දෙනවා” ඉන්ධන මිලට සහනයක් දීමට නවසීලන්ත රජය සූදානම් වෙයි!

BY Dhanush•PUBLISHED MARCH 19, 2026•1 MIN READ•0 COMMENTS

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල නැවතත් ඉහළ යාමත් සමඟ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ඇති වන පීඩනය අඩු කිරීමට රජය නව fuel relief package එකක් සූදානම් කරන බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුවත පළවූයේ New Zealand Government විසින් ඉදිරියේදී ඉන්ධන සම්බන්ධ සහන පියවරක් ගැන සලකා බලන බව ප්‍රකාශ කිරීමත් සමඟය.

වාර්තා අනුව, ඉන්ධන මිල ඉහළ යාම නිසා දෛනික ජීවිත වියදම් වැඩිවී ඇති බැවින්, ජනතාවට සහ ව්‍යාපාර වලට තාවකාලික සහනයක් ලබාදීමට රජය විසින් විශේෂ ආර්ථික package එකක් සකස් කරමින් සිටින බව සඳහන් වේ.

මෙම package එක තුළ

• fuel tax වෙනස් කිරීම

• low income families සඳහා financial support එකක් ලබාදීම.

• transport sector සඳහා සහන දීම.

• සහ temporary subsidy වැනි පියවර ඇතුළත් විය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, නිලධාරීන් පැහැදිලි කරන්නේ

මෙය තවම අවසන් තීරණය නොව, cabinet මට්ටමින් සාකච්ඡා කරමින් පවතින යෝජනාවක් බවයි.

ඒ අනුව fuel price එක වහාම අඩු කරන බවට තහවුරු කර නැත.

ලෝක වෙළඳපොළේ crude oil මිල ඉහළ යාමට හේතුව ලෙස

• මැද පෙරදිග දේශපාලන තත්ත්වය

• oil supply අඩුවීම

• shipping හා transport ගැටලු

වැනි කරුණු බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඉන්ධන මිල ඉහළ යාමෙන් වැඩිපුරම බලපාන්නේ තෙල් ආනයනය කරන රටවල් වලට වන අතර,

එම රටවල් බොහොමයක් මේ වන විට tax cut, subsidy සහ price control වැනි තාවකාලික සහන ක්‍රම භාවිතා කිරීමට සූදානම් වෙමින් සිටී.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ,

මෙම සහන පැකේජය ක්‍රියාත්මක කළහොත්

තෙල් මිළ වැඩිවීමෙන් ඇතිවන බර ටිකක් හෝ අඩු වීමට ඉඩ කඩ ඇති බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *