
නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙරළබඩ rockpools (ගල් කුහර ජල ප්‍රදේශ) වලදී, පසුගිය දිනවල “vigilantes” (තමන්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස හැසිරෙන පුද්ගලයින්) විසින් ආසියානු ජනතාවට වර්ණවාදී ලෙස සැලකීමක් සිදුකරන බවට චෝදනා මතුවී තිබේ.
👉 මෙය පරිසර ආරක්ෂාවෙන් ඉක්මවා සමාජ ගැටළුවක් බවට පත්වෙමින් පවතියි.
⚠️ මෙයට මූලික හේතුව වන්නේ රජය විසින් කළ නව තහනමක්…..
ඕක්ලන්ඩ් හි සමහර වෙරළ ප්‍රදේශවල:
🐚 shellfish
🌿 seaweed
🐠 වෙනත් කුඩා ජල ජීවීන්
එකතු කිරීම වසර 2ක කාලයකට තහනම් කර තිබේ.
👉 මෙය සිදු කරන්නේ:
“දූෂණයට ලක්ව ඇති සමුද්‍රීය පද්ධතිය ආරක්ෂා කිරීමට” යි.
🚨 “Vigilantes” ගේ ක්‍රියාකලාපය…..
සමහර ප්‍රදේශවාසීන් තමන්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස හැසිරෙමින් වෙරළට එන අයව නවතා පරීක්ෂා කරමින් සිටින බවට චෝදනා එල්ලවී ඇත.
👉 විශේෂයෙන්:
ආසියානු පසුබිම ඇති අය සහ පවුල් සමඟ විනෝද වීමට පැමිණි අය “ඔබ නීතිය කඩනවාද?” යනුවෙන් අසා, අසාධාරණ ලෙස පහත්කොට සලකන බවට වාර්තා වෙයි.
🗣️ බලධාරීන්ගේ ප්‍රතිචාර
නිලධාරීන් පැහැදිලිව කියන්නේ:
❗ නීතිය කඩන අය සියලු ජන කොට්ටාසයකම සිටිනවා.
❗ බොහෝ අය නව නීති ගැන දැනුවත් නොවීමෙන් මෙය සිදුවනවා.
👉 ඒ නිසා:
එක් ජනවර්ගයක් පමණක් ඉලක්ක කරගැනීම සම්පූර්ණයෙන් වැරදියි.
❌ වර්ණවාදය දැන් ප්‍රධාන ගැටළුවක් වෙලා….
ආසියානු ජනතාවට:
👉🏻අසාධාරණ චෝදනා
👉🏻සමාජ මාධ්‍යවල ද්වේෂ සහගත කතා
👉🏻බියකරු හැසිරීම් වැනි ගටළුවලට නිතර මුහුණ දීමට සිදුවෙලා.
👉 මෙය “dehumanisation” (මිනිස්කම අහිමි කර සැලකීම) ලෙස විවේචනයට ලක්වී ඇත.
📢 මේ වෙනුවෙන් ගත හැකි නිවැරදි විසඳුම මොනවාද?
බලධාරීන් පෙන්වා දෙන්නේ:
📌 දඩුවම් වලට වඩා දැනුවත් කිරීම වැදගත් බව.
📌 වෙරළවල සංඥා පුවරු (signboards) තැබිය යුතු බව.
📌 සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදාහැරීම වැදගත් බව.
👉 එමෙන්ම නීතිය කඩන අය ගැන නිල ආයතනවලට පමණක් වාර්තා කරන්න. තමන්ම නීතිය අතට නොගන්න යමුවෙන්ද ඔවුන් අවධාරණය කරනවා.
“නීතිය රකින්න – නමුත් මිනිසුන් වර්ණයෙන් විනිශ්චය නොකරන්න”

0 Comments