
අන්තර්ජාලයේ “Manosphere” කියන්නේ පිරිමි මතවාද පදනම් කරගත්, බොහෝ වෙලාවට කාන්තාවන්ට විරුද්ධ අදහස් ප්‍රචාරය කරන සමාජ ජාලයකි. මෙයට සම්බන්ධ වූ හිටපු incels (සම්බන්ධතා නොලැබූ පිරිමි) කිහිප දෙනා දැන් කියන්නේ
👉 “එතනට ගියාට පස්සේ නැවත එන්න බැහැ” කියන අදහස වැරදියි කියල.
ඔවුන්ගේ අත්දැකීම් අනුව, එකෙන් පිට වෙන්න පුළුවන්, නමුත් එය හිතන තරම් සරල දෙයක් නොවේ.
🔍 ඇයි පිරිමින් Manosphere එකට යන්නේ?
බොහෝ දෙනාගෙ අදහස් වලට අනුව ඔවුන් එතනට ගියේ වෛරයෙන් නොවේ,
👉 තනිකම, දුක, සහ අසාර්ථක හැඟීම් නිසා.
ඒවාට ප්‍රධාන හේතු:
😔 සම්බන්ධතා වල අසාර්ථකතා.
🧍♂️ තනිවීම සහ මිතුරන් නොමැතිවීම.
❓ “මට මෙහෙම වෙන්නේ ඇයි?” කියන ප්‍රශ්නය.
🤝 කෙනෙකුට සම්බන්ධ වීමට ඇති කැමැත්ත.
මෙම සමාජ ජාලයෙන් ඔවුන්ට පිළිතුරු ලබාදෙන්නේ
👉 “ඔබේ සියලු ප්‍රශ්නවලට හේතුව කාන්තාවන්” කියලා.
මුලදී ඔවුන්ට එය සැනසීමක් වගේ දැනෙනවා.
⚠️ ආකල්පය වෙනස් වන මොහොත සහ ඉන් පිට වෙන්න හිතෙන වෙලාව…..
කාලයත් සමඟ, බොහෝ දෙනාට සත්‍යය තේරෙන්න පටන් ගන්නවා.
ඔවුන්ගේ මතය වෙනස් කරන්න බාහිර සමාජයෙන් හේතු මතුවෙනවා;
👩🦰 කාන්තාවන් සමඟ ඇති වූ හොඳ අත්දැකීම්.
👥 යහපත් මිතුරන්ගේ හමුවීම.
💰 එහි සිටින සමහර online “influencers” ලා වෛරී මත දරමින් ලාභ ලබන බව තේරුම් ගැනීම වැනි කාරණා…
👉 මේකෙන් ඔවුන්ට “අපි විශ්වාස කරපු දේවල් සත්‍ය නෙවෙයි” කියලා තේරුම් යන්න පටන් ගන්නවා.
🧭 මෙම ජාලයෙන් පිට වෙන එක ලේසිද?
❌ ඇත්තටම නෑ. ඒක මන්දගාමී සහ දිගු ගමනක්.
ඒකට:
🧠 ඔබව වෙනස් කළ පැරණි අදහස් වෛරී ආකල්ප අතහැරගන්න වෙනවා.
💔 ලැජ්ජාව, අසහනය වගේ හැඟීම් වලට මුහුණදෙන්න වෙනවා.
🤝 අලුත් ජීවිතයක් තෝරගන්න සහ ඔබට එය ගොඩනගන්න වෙනවා.
👉 මේක radical group එකකින් පිටවීමක් හා සමාන ක්‍රියාවලියක්.
කෙසේවෙතත් විද්‍යාත්මක අධ්‍යයන සහ අත්දැකීම් කියන්නේ අවමානයෙන් නොව, සහයෝගයෙන් ඔවුන්ට උදව් කළ යුතුයි කියලා.
ඇබ්බැහි වූවන් වෙනස් කරන්න හොඳම විසඳුම්…..
❤️ කරුණාවෙන් කතා කිරීම.
👨👩👦 පවුලේ සහ මිතුරන්ගේ සහාය ලබාදීම.
💪 සෞඛ්‍ය සම්පන්න “පිරිමි” අදහස් ඉගැන්වීම.
⚠️ වැදගත්ම දේ කෙනෙකු හෙලාදැමීම හෝ හැසිරවීම ඔවුන් තවත් එම සමාජයට ගැඹුරට ඇද දමනවා.
🌱 අනාගතයට බලාපොරොත්තුවක් ඇතිවෙලා….
Manosphere එකෙන් පිටවූ බොහෝ දෙනා දැන් කියන්නේ:
😊 ඔවුන්ගේ ජීවිතය හොඳටම වෙනස් වෙලා.
💬 සබඳතා වැඩිවෙලා.
🧠 මානසික සෞඛ්‍යය යහපත් අතට හැරිල කියලයි.
👉 ඒකෙන් පැහැදිලි වෙන්නේ “ඔබ කෙතරම් ඇබ්බැහි වුනත්, ආපහු ගැලවෙන්න පුළුවන්” කියල.
Manosphere කියන්නේ ජීවිතයේ අතුරු මාර්ගයක් වගේ.ඒකෙන් ගියාට පස්සේ හරි මාර්ගයට නැවත එන්න පුළුවන්.
හැබැයි ජීවිතය වෙනස් කරන්න පුළුවන් සත්‍යය තේරුම් ගත්තොත් විතරයි.

0 Comments