
නවසීලන්තයේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන සමාගමක් වන Heinz Wattie’s විසින් තම කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති අතර, එම තීරණය හේතුවෙන් රට පුරා සේවකයින් 300කට රැකියා අහිමි වීමට නියමිතය. මෙම නිවේදනය සේවකයන් අතර මහත් කම්පනයක් සහ කනගාටුවක් ඇති කළ පුවතකි.
මෙම වසා දැමීම් ක්‍රිස්ට්චර්ච්, ඔක්ලන්ඩ් සහ ඩුනීඩින් යන ප්‍රදේශවල පිහිටි කර්මාන්ත ශාලා කිහිපයක් සමඟ, හේස්ටින්ස් ප්‍රදේශයේ පවතින ශීත කළ ආහාර පැකේජ කිරීමේ ආයතනයද ඇතුළත් වේ. මෙම කර්මාන්ත ශාලා වසර ගණනාවක් තිස්සේ රටට ආහාර නිෂ්පාදන සැපයූ වැදගත් මධ්‍යස්ථාන ලෙස සැලකේ.
සමාගම පවසන්නේ,
👉🏻ඉහළ යන විදුලි හා බලශක්ති වියදම්,
👉🏻අමුද්‍රවය මිළ ඉහළ යාම (inflation),
👉🏻ගෝලීය සැපයුම් ගැටලු සහ
👉🏻අසාර්ථක වගා කාලයන්
වැනි කරුණු එකට එකතු වී මෙම තීරණයට හේතු වූ බවයි. එම නිසා, සමහර නිෂ්පාදන දිගටම පවත්වාගෙන යාම අපහසු වී ඇතැයි සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.
මෙම තීරණය සේවකයින්ට පමණක් නොව, ඔවුන්ගේ පවුල්, ගොවීන් සහ සපයන්නන්ට ද බලපාන බවට කම්කරු සංගම් අවධාරණය කරයි. බොහෝ සේවකයින් වසර ගණනාවක් මෙම සමාගම සමඟ කටයුතු කර ඇති අතර, ඔවුන්ට මෙය අතිශය “විනාශකාරී” තත්ත්වයක් ලෙස හැඟෙයි.
එමෙන්ම, සමාගම පවසන්නේ රැකියා අහිමිවන සේවකයින්ට
👉🏻වෙනත් රැකියා අවස්ථා සොයා ගැනීමට සහාය,
👉🏻පුහුණු වැඩසටහන් සහ මාරු කිරීමේ අවස්ථා ලබාදීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම නවසීලන්තයේ නිෂ්පාදන ක්ෂේත්රය මුහුණ දෙන විශාල අභියෝගයක් බව විශේෂඥයින් පෙන්වා දෙති.

0 Comments