
ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ හා බලවත් යුධ නායකයන් අතර ඉහළම ස්ථානයක් හිමිවන්නේ Alexander the Great
නමටයි. ඔහු ජීවත් වූ කාලය ඉතා කෙටි වුවත්, ඔහු ලබාගත් ජයග්‍රහණ ලෝක ඉතිහාසයේ දිශානතියම වෙනස් කළා. ඔබ විශ්වාස කරනවද, වයස අවුරුදු 33ක් ලබන්නට පෙරම ඔහු ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා පැතිරුණු විශාලම රාජ්‍යයක් අත්පත් කර ගැනීමට සමත්වුනා.
🧒 ඇලෙක්සැන්ඩර්ගේ උපත සහ ළමා කාලය….
Alexander the Great උපත ලැබුවේ ක්‍රි.පූ. 356 දී
Pella නම් නගරයේදී. ඔහුගේ පියා Philip II of Macedon
මැසිඩෝනියා රජු වූ අතර, මව Olympias නම් විය.
ඔහුගේ ගුරුවරයා වූයේ ලෝකයේ විශිෂ්ට දාර්ශනිකයෙක් වූ
Aristotleය. Aristotle ඔහුට විද්‍යාව, දර්ශනය, වෛද්‍ය විද්‍යාව සහ ලෝකය ගැන සිතන හැටි ඉගැන්වීය.
කුඩා වයසින්ම Alexander තුළ තිබුණේ
🔥 දැඩි ධෛර්යයක්..
🔥 හසල බුද්ධියක්…
🔥 සහ ජයග්‍රහණය සඳහා වූ අසීමිත ආශාවක්…
👑 වයස 20දී රජකම ලබයි…
Alexanderගේ පියා ඝාතනය වූ පසු, වයස අවුරුදු 20දීම ඔහු මැසිඩෝනියා රජු බවට පත් විය. ඔහුගේ පියාගේ සිහිනය වූයේ
👉 පර්සියානු අධිරාජ්‍යය ජයගැනීමයි.
පසු කාලීනව ඇලෙක්සැන්ඩර් ඔහුගේ පියාගේ සිහිනය Alexander සැබෑ කළා.
⚔️ ලෝකයක් ජයගත් යුධ නායකයෙක්…
Alexander ඉතිහාසයේ කිසිදු විශාල සටනක් පරාජය නොවූ යුධ නායකයෙකු ලෙස සැලකෙනවා.
ඔහු ජයගත් රාජ්‍ය අතර
• Greece
• Egypt
• Persia
• Syria
• Mesopotamia
• සහ India වේ සමහර කොටස් ඇතුළත් වුනා.
ඔහු Persian රජු Darius III ව පරාජය කර ආසියාවේ බලය ලබාගන්නට සමත් වෙනවා. නමුත් ඔහු එදා කියනවා “පර්සියන් වැසියන් ලේසියෙන් පරාජය භාරගන්න මිනිස්සු නෙමෙයි” කියල. ඒ කතාව අදටත් වලංගුයි කියල ඔබට හිතෙනව නේද?
🏛️ Alexandria නගර සහ සංස්කෘතිය….
Alexander සටන් කරමින් ඉදිරියට ගියා පමණක් නොවෙයි,
ඔහු අලුතින් නගර බිහිකළා, ඔවුන්ගේ සංස්කෘතියඒ නගර තුළ ව්‍යාප්ත කළා.
ඔහු ගොඩනගා ඇති නගර අතර ප්‍රසිද්ධම නගරය වන්නේ Alexandria නගරයයි.
ග්‍රීක සංස්කෘතිය, භාෂාව සහ වාණිජය ලෝකය පුරා පැතිරෙන්න Alexander රජුගේ ජයග්‍රහණ හේතු වුණා.
මෙය ඉතිහාස පොත් වල “Hellenistic Age” ලෙස හදුන්වනු ලබනවා.
🐘 ඉන්දියාව දක්වා ගිය ජයග්‍රාහී ගමන….
Alexander ඉන්දියාවටත් යුද්ධය ගෙන ගියා.Hydaspes සටනේදී ඔහු Porus රජුව පරාජය කළා.
එහෙත් අවුරුදු ගණනක් සටන් කර මහන්සි වූ ඔහුගේ හමුදා සොල්දාදුවන් නැවත පිටවෙමු යනුවෙන් ඔවුන්ගේ විරෝධය පළ කළා. ඒ නිසාම Alexanderට ජය පරාජයකින් තොරව ආපසු හැරෙන්නට සිදු වුණා.
⚰️ අකාලයේ සිදුවූ මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණය….
Alexander Babylon නගරයේ සිටියදී හදිසියේ අසනීප තත්වයක් ඇතිවුනා. අසනීපය උග්‍ර අතට හැරීමෙන් ක්‍රි.පූ. 323 දී, වයස අවුරුදු 33 වෙද්දිම ඔහු මියගියා.
නමුත් මරණයට හේතුව ගැන අදටත් සැකයක් තිබෙනවා.
• Malaria
• Typhoid
• Poison
වැනි හේතු වෙන්න පුළුවන් කියලත් මතයක් තියනවා.
🌍 Alexanderගේ මහා උරුමය…
Alexander මියගිය පසු ඔහුගේ විශාල රාජ්‍යය ඔහුගේම සෙන්පතිවරුන් අතර බෙදී ගියා.
නමුත් ඔහුගේ බලපෑම
✔ යුරෝපය
✔ මැදපෙරදිග
✔ ආසියාව
තෙක්ම පැතිරුණා.
ඉතිහාසයේ වඩාත් බලවත් නායකයන් අතර Alexander the Great අදටත් ඉහළම ස්ථානයක වැජඹෙනවා.
⭐ කෙටි ජීවිතයක් වුනත් ඔහුට අසීමිත සිහින තිබුණා…
ඒ සිහිනය මුළු ලෝකයම වෙනස් කළා….
Alexander the Great කියන්නේ රජෙක් පමණක් නොවෙයි, ලෝකයම වෙනස් කළ මහා යුග පුරුෂයෙක්.
ඔබත් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගැන දන්න වැදගත් තොරතුරු ඇත්නම් පහළින් කමෙන්ට් කරන්න.

0 Comments