← BACKEconomy

ඔස්ට්‍රේලියාවෙන් ලෝකෙටම ආදර්ශයක්!රජය විසින් ඉන්ධන බදු මාස 3කට අඩු කරයි.

BY Dhanush•PUBLISHED MARCH 30, 2026•1 MIN READ•0 COMMENTS

ගෘහස්ත වියදම් ඉහළ යාමට පිළියමක් ලෙස ඔස්ට්‍රේලියානු රජය ඉන්ධන සඳහා පනවා ඇති බදු තාවකාලිකව අඩු කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය අනුව, එළැඹෙන මාස තුනක කාලයක් සඳහා ඉන්ධන බදු අඩකින් කප්පාදු කරනු ඇත.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසන්නේ, ජනතාවට ඉන්ධන මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කර ගැනීමට මෙම පියවර ගන්නා බවයි. මෙම තීරණය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ජූලි මාසය දක්වා පවතිනු ඇත.

දැනට ලීටරයකට පනවා ඇති ඔස්ට්‍රේලියානු ශත 52.6ක බද්ද, නව තීරණයත් සමඟ ශත 26.3 දක්වා අඩුවනු ඇත. එමඟින් එක් ලීටරයක් සඳහා ගෙවිය යුතු බදු මුදල ශත 26.3කින් අඩුවන බව වාර්තා වේ.

මෙම තීරණයට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වන්නේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමයි. එය ජනතාවට බරක් වී ඇති බැවින්, රජය මෙම සහනය ලබා දීමට කටයුතු කර ඇත.

මීට අමතරව, බර වාහන රියදුරන්ටද සහන සැලසීමට, බර වාහන සඳහා පනවා ඇති මාර්ග පරිශීලක ගාස්තුවද මාස තුනක කාලයක් සඳහා ඉවත් කිරීමට තීරණය කර තිබේ. 🚛

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *