← BACKTravel

ඉන්ධන අර්බුදය අතරතුර වෙලින්ග්ටන් බස් සේවාව වාර්තා බිඳියි. මාර්තු මාසයේදී ගමන් වාර මිලියන 2.7ක් වාර්තා වෙයි.

BY DhanushPUBLISHED APRIL 2, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ වෙලින්ග්ටන් නගරයේ ජනතාව, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ තම දෛනික ගමන් සඳහා බස් සේවාව භාවිතා කිරීම විශාල ලෙස වැඩි කරමින්, 2026 මාර්තු මාසයේදී බස් ගමන් මිලියන 2.7ක් වාර්තා වී ඇත. මෙය වෙලින්ටන් ඉතිහාසයේ බස් ගමන් සංඛ්‍යාවක් ලෙස ලැබුණු ඉහළම වාර්තාව බව සදහන් කරයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වැඩි වීම, බොහෝ ජනතාවට තම පුද්ගලික වාහන භාවිතා කිරීමේ වියදම් වැඩි කර ඇත. ඒ නිසා වැඩට, පාසල්වලට සහ අනෙකුත් ගමන් සඳහා ජනතාව බස් සේවාවට වැඩි වශයෙන් අවතීර්ණ වීමක් දක්නට ලැබේ.

බස් සේවාව පමණක් නොව, වෙලින්ග්ටන්හි සම්පූර්ණ පොදු ප්‍රවාහන පද්ධතිය, එනම් බස්, දුම්රිය සහ නාවික සේවාද මෙයට එකතුවේ. සියල්ල එකට ගත්කල ගමන් මිලියන 3.6කට ආසන්න ප්‍රමාණයක් එම මාසයේ වාර්තා වී ඇත. මෙය ජනතාවගේ ගමන් රටාව දැඩි ලෙස වෙනස් වෙමින් පවතින බව සක්ෂි ලබාදෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් බස් සේවාවන්ට ඇති ඉල්ලුම වැඩිවීමත් සමඟ, සේවා හැකියාව වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමු කර ඇත. සමහර අවස්ථාවල බස් පිරී යාම සහ සේවාවන්ට පීඩනයක් ඇතිවීම ද වාර්තා වේ.

මෙම තත්ත්වය මඟින්, ඉන්ධන මිල වැනි ගෝලීය ආර්ථික සාධක ජනතාවගේ දෛනික ජීවිතයට කෙසේ බලපාන්නේද යන්න පැහැදිලිව පෙන්වයි. එමෙන්ම, අනාගතයේදී අඩු මිලට හෝ නොමිලේ පොදු ප්‍රවාහන සේවා සපයන යෝජනා පිළිබඳව ද නව සංවාද ආරම්භ වී ඇත.

මෙය වෙලින්ග්ටන් නගරයේ පමණක් නොව, ලෝකය පුරාම ජනතාව ආර්ථික තත්ත්වයන්ට අනුව තම ජීවන රටාව වෙනස් කරගන්නා ආකාරය පැහැදිලි කරන වැදගත් සිද්ධියක් ලෙස සැලකෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *