← BACKTechnology

වසර සියයකට වැඩි ඉතිහාසයක්, දේශපාලන සටනක් සහ ජීවිත හතරක් කැපකළ ඒ මහා දැවැන්තයාගේ අමතක නොකළ යුතු කතාව.

BY DhanushPUBLISHED APRIL 11, 20261 MIN READ0 COMMENTS

Auckland Harbour Bridge කියන්නේ නවසීලන්තයේ විශාලම නගරය වන Auckland හි ඉතිහාසය වෙනස් කළ අතිවිශිෂ්ට ඉංජිනේරු නිර්මාණයක්. නමුත් එය සාමාන්‍ය පාලමක් නොවෙයි. එය දශක ගණනාවක් පුරා පැවති සිහින, දේශපාලන තීරණ, ආර්ථික සීමා සහ වටිනා මනුෂ්‍ය ජීවිත වල කැපකිරීම එක්ක ගොඩනැගුණු ඉතිහාස කතාවක්.

Waitematā Harbour කියන්නේ දීර්ඝ කාලයක් තිස්සෙ නගරය දෙකට බෙදන ස්වභාවික සීමාවක්ව පැවතියා. එක් පැත්තක වර්ධනය වෙමින් තිබුණු නගරයත්, අනෙක් පැත්තේ North Shore ප්‍රදේශයේ ගම්මාන සහ වෙන්වූ ජනතාවත් වාසය කළා. මේ එකිනෙකට වෙනස් වූ දෙකොණ යා කිරීම
සරල දෙයක් නොවුනා. ඒ මහා ව්‍යාපෘතියට වසර 100කට ආසන්න කාලයක් ගත වුණා.

🌊 නගරය තරමටම පැරණි සිහිනයක්…..

1860 දශකයේදී Fred Bell නම් ඉංජිනේරුවා මුලින්ම පාලමක් ගැන අදහසක් ඉදිරිපත් කළා. ඔහුගේ සැලැස්ම floating pontoons භාවිතා කරමින් සරල පාලමක ඉදිකිරීමක් වුණා. නමුත් ඒ සදහා £16,000ක වියදමක් ඇස්තමේන්තු කර තිබුනා. ඒ කාළයට සාපේක්ෂව එය ඉතා වැඩි මුදලක් වූ නිසා එය අත්හැර දැමුණා.

ඉදිරියට දශක ගණනාවක් ගත වුණා. නගරය වර්ධනය වුණා. නමුත් North shore ජනතාව නගරයෙන් වෙන්ව ජීවත් වුනා. ඉනපසු 1911දී ඉදිරිපත් කළ සැලැස්මක් මඟින් Ponsonby Wharf සිට Chelsea දක්වා පාලමක් ඉදිකිරීමට යෝජනා කළා. එය tram සහ train දෙකම ගමන් කළ හැකි විශාල දැක්මක් වුණා. 1927 සහ 1929දීත් අලුත් යෝජනා ආවා.නමුත් ඒ එකක්වත් සාර්ථක වුණේ නම් නැහැ.

මේ සියල්ලට පසුව 1930 සහ 1946දී විශේෂ පරීක්ෂණ කමිටු දෙකක් පත් කළා. 1946 වාර්තාවේ,
• lane 5ක් හෝ 6ක්
• peak time එකට lane වෙනස් කළ හැකි ආකරයේ පද්ධතියක්
• පදිකයින්ට වෙන් වූ විශේෂ මාර්ගයක්

වැනි පහසුකම් සහිතව සාර්ථක සැලසුමක් යෝජනා කළා. නමුත් එවකට සිටි රජය ඒ කිවිවක් අනුගමනය කළේ නැහැ.

⚖️ “අඩු වියදම්” දේශපාලනය…

කෙසේහෝ අවසානයේ First National Government of New Zealand රජය විසින් පාලම ඉදිකිරීමට තීරණය කළත්, වියදම් අඩු කිරීමේ අරමුණින් සැලසුම කප්පාදු කළා.

👉🏻 සැලසුමේ ඇතිකළ ප්‍රධාන වෙනස්කම්:
• පදික මාර්ග ඉවත් කළා
• lane 4කට පමණක් සීමා කළා
• දුම්රිය සහ බයිසිකල් සඳහා එහි ඉඩක් ලබා නොදුන්නා.

නමුත් මෙය පසුකාලීනව අති විශාල වැරදි තීරණයක් ලෙස සැලකුණා. නමුත් ඒ වනවිට සියල්ල අවසන් වී තිබුනා.

👉🏻1950 දෙසැම්බර් 1 දින Auckland Harbour Bridge Authority පිහිටුවා, Sir John Allum එහි ප්‍රධානියා වුණා.
👉🏻මෙහි ඉදිකිරීම් සැලසුම් කළේ Freeman Fox and Partners.
👉🏻ඉදිකිරීම් කළේ Dorman Long සහ Cleveland Bridge and Engineering Company.

1954 ඔක්තෝබර් මාසයේදී පාලමේ වැඩ ආරම්භ වුණා. පාලමේ දිග මීටර් 1020ක්, උසින් මීටර් 64ක්.
• මීටර් 43 උසින් යුතු නැව් වලටත් ගමන් කළ හැකිව වුනා.
• වානේ කොටස් එංගලන්තයෙන් ආනයන කළා.
• 1000කට අධික කම්කරුවන් පිරිසක් වැඩ කළා

පාලම දෙපැත්තෙන් එකවර ගොඩනගා ගෙනවිත් 1959 මාර්තු මාසයේදී කොටස් දෙක එකට එකතු කළා.

මෙහි වැදගත්ම කාර්‍යභාරය වුනේ කම්කරුවන් pressurised “caisson” කුහර තුළට බැස මුහුදු පතුලේ ගල් ඉවත් කරමින් පාලමේ අඩිතාලම සකස් කිරීමයි. එය ඉතා භයානක ක්‍රියාවක් වුණා.

⚠️ වටිනා ජීවිත තුනක් අහිමිවුනා…

මෙම පාලම ඉදිකිරීමේදී කම්කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුනා.
• James Nichol Williamson – 1956
• James Alex Western – 1959
• John Joseph Patrick McCormick – 1959

ඔවුන් අවසන් පාලම නොදැක එය විවෘත කිරීමටත් පෙරදීම මියගියා.😢

ඒ විතරක් නෙමෙයි මේ අතරතුර කාලයේ තවත් මාරාන්තික අනතුරුද සිදු වුණා. 1962දී George McCafferty වැඩ කරමින් සිටින අවස්ථාවක ඉහළ උසකින් බිමට වැටුනා. නමුත් වාසනාවකට ඔහුගේ ජීවිතය බේරුණා. ඔහු බේරා ගැනීමට Emil Gundry නම් තවත් කම්කරුවෙකු වතුරට පැන තිබුණා.

👉 මේ කතාවලින් හෙළිවන්නෙ මෙවැනි විශාල නිර්මාණ පිටුපස ඇති ජීවිත කැපකිරීම කෙතරම්ද කියලා.

🎉 වසර ගණනක ඉදිකිරීම්වලින් පසු පාලම විවෘත වන දිනය පැමිණියා.

1959 මැයි 30 වන දින Auckland වරාය පාලම ජනතාවට විවෘත වෙනවා. ඒ එවකට නගරාධිපති වු Lord Cobham මහතා විසින්.එදින
• මිනිසුන් 106,000 දෙනෙක් පාලම හරහා ඇවිද ගියා.
• පළමු දිනයේම වාහන 11,205ක් ගමන් කළා.
• 1984 දක්වා මෙම මාර්ගයේ ගමන් කිරීමට ගාස්තු අය කළා.ඉන් පසුව අද වනවිට රජය විසින් එය අහෝසි කර තිබෙනවා.

🚗 “Nippon Clip-ons” හරහා පසුව එකතු කළ lane…

1965 වන විට නගරයේ වාහන සංඛ්‍යාව විශාල ලෙස වැඩි වුණා. මේ නිසා 1967–1969 අතර කාළයේ IHI Corporation විසින් අලුතින් lane 4ක් මාර්ගයට එකතු කළා.

👉 අද:
• පාලම lane 8ක් දක්වා පුළුල් වෙලා.
• මෙය “three bridges in one” ලෙස හැඳින්වෙනවා.

⚠️ පාලමේ ආරක්ෂාව සහ වර්තමාන තත්වය…

1989–1990 අතර මෙහි සිදුවූ head-on (මුහුණට මුහුණ සිදුවන) අනතුරු වැඩි වුණා. පසුව 1990දී දෙපස වෙන්වන ලෙස movable concrete barrier එකක් දාලා එය අවම කළා.

👉 අද වනවිට තත්වය:
• දිනකට වාහන 170,000කට වැඩි ප්‍රමාණයක් ගමන් කරනවා.
• එය peak දිනවල 200,000කටත් වැඩියි.
• බස් රථ 1000කට අධික ප්‍රමාණයක් ගමන් කරනවා.

🚶‍♂️ නමුත් අදටත් ජනතාවට අහිමි වූ අවස්ථාවක් තියනවා…

1946දීම පදික මාර්ග යෝජනා කළත්,
• අදටත් මෙහි pedestrian access නැහැ.
• cycling access නැහැ.

ඒ සදහා යෝජනා වූ SkyPath සහ Northern Pathway වැනි ව්‍යාපෘතිත් සාර්ථක වුණේ නැහැ.

නමුත් Auckland Harbour Bridge කියන්නේ දැවැන්ත ලෝහ පාලමක් විතරක් නෙවෙයි. එය Auckland නගරයට යථාර්ථයක් වූ සිහිනයක්.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *