
ඉරානයේ ආද්‍යාත්මික නායකයා වන මොජ්තබා කමේනි විසින් ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් තම රටට යුද්ධයක් අවශ්‍ය නැති බව පැහැදිලි කර තිබේ. නමුත් ඒ සමඟම, තම රටේ “නීතිමය අයිතිවාසිකම්” ආරක්ෂා කර ගැනීමට සූදානම් බවද ඔහු එම පණිවිඩයේම අවධාරණය කර ඇත.
🕊️ අපිට අවශ්‍ය “යුද්ධයක් නෙවෙයි, නමුත් නීතියෙන් ලැබෙන අයිතිවාසිකම්”….
මෙම පණිවිඩයේදී ඉරාන නායකයා කියා සිටියේ,
ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඇතිවූ තත්ත්වය අතරතුර, තම රට නැවත යුද්ධයක් ආරම්භ කිරීමට උත්සාහ නොකරන බවයි.එහෙත්, රටට අයත් අයිතිවාසිකම් අත්හැරීමට කිසිවිටකත් සූදානම් නොවන බවද ඔහු පැවසීය.
මෙම ප්‍රකාශය නිකුත් වී ඇත්තේ, ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර දැඩි ආරවුල් පවතින පසුබිමකදීය.
මෑත කාලයේදී දෙපාර්ශව අතර යුධමය ගැටුම් සදහා තවකාලික සටන් විරාමයක් ආරම්භ කර තිබේ. එවැනි පසුබිමක වූවත් තත්ත්වය තවමත් ස්ථිරවම සන්සුන් වී නැත.
විශේෂයෙන්ම, ලෝකයේ තෙල් ප්රවාහයට වැදගත් “Strait of Hormuz” ප්‍රදේශය සම්බන්ධයෙන් තවමත් දැඩි ආරවුල් පවතින බවද වාර්තා වේ.
🔹 ඉරාන වැසියන්ට දුන් පණිවිඩය…
මෙහිදී ඔහු ජනතාවටද එක් පණිවුඩයක් ලබාදුන්නා. ඒ තමයි රට වෙනුවෙන් එකමුතුවෙන් සිටීම සහ සක්‍රීයව ක්‍රියා කිරීම මේ මොහොතේ වැදගත් බව. ඔහුගේ මතය අනුව, ජනතාවගේ එකමුතුව සහ ඔවුන්ගෙන් ලැබෙන සහාය ඉදිරි සාකච්ඡා වලට බලපෑමක් ඇති කරයි.
📩 ලිඛිත පණිවිඩයක් යැවීමට හේතුව කුමක්ද?
වාර්තා අනුව, ඉරාන නායකයා මහජනතාව හමුවේ නොපෙනී සිටින බැවින්, ඔහුගේ අදහස් මෙවැනි ලිඛිත පණිවිඩ මඟින් පමණක් ප්‍රකාශ වේ. ඒ නිසාම, මෙම පණිවිඩය ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් ලබාගෙන ඇත.
🌐 මෙමගින් ලෝකයට දෙන පණිවිඩය….
මෙම ප්‍රකාශය තුළින් ඉරානය ලෝකයට දෙන ප්‍රධාන පණිවිඩය වන්නේ:
👉🏻ඔවුන්ට යුද්ධයක් අවශ්‍ය නොවීම
👉🏻නමුත් තම රටේ අයිතිවාසිකම් රැකගැනීමට අවශ්‍ය නම් ප්‍රතිචාර දැක්වීමට සූදානම් වීම යන කාරණායි.
මෙමගින් තත්ත්වය තවමත් අවිනිශ්චිත සහ අනතුරුදායක ලෙස පවතින බව පැහැදිලි වේ. ඒ නිසා, මැදපෙරදිග ඉදිරි දිනවල තත්ත්වය කෙසේ වෙනස් වේද යන්න මේ මොහොතේ ලෝකයම අවධානයෙන් බලාසිටී.

0 Comments