← BACKUncategorized

තමන් ජේසුස් වහන්සේ යැයි සිතා ට්‍රම්ප් පාප් වහන්සේට දෝශාරෝපණය කරයි!

BY DhanushPUBLISHED APRIL 13, 20261 MIN READ0 COMMENTS

අමෙරිකානු දේශපාලනය හා ආගමික නායකත්වය අතර නැවතත් උණුසුම් වාදයක් මතුව තිබේ. Donald Trump විසින් Pope Leo වෙත දැඩි විවේචන එල්ල කළ බවට නවතම තොරතුරු මගින් වාර්තා වේ.

මෙම විවේචනයට හේතුව වී ඇත්තේ යුද්ධය පිළිබඳව පාප්වහන්සේ කළ ප්‍රකාශයක් බව සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, එවැනි අදහස් ප්‍රකාශ කරන නායකයෙකු හා තමන්ට එකඟ විය නොහැකි බවයි.

තවද, ඔහු විසින් පාප්වහන්සේගේ අදහස්වලට දැඩි විවේචනයක් එල්ල කරමින්, ඒවා සමාජයට අහිතකර අර්ථකථන දරන බවට චෝදනා කර තිබේ. න්‍යෂ්ටික අවි සහ යුධ අපරාධ වැනි සංවේදී කරුණු පිළිබඳව පාප්වහන්සේගේ ස්ථාවරය පිළිබඳවද ඔහු සෘජුවම විරෝධය පළ කර ඇත.
තමන් පාප්වහන්සේගේ අදහස්වලට සහ පෞරුෂයට එකඟ නොවන බවත්, ඔහු “ලිබරල්” වාදයකට නැඹුරු පුද්ගලයෙකු බවත් ට්‍රම්ප් මෙහිදී පැවසීය.

මේ අතර, ඔහුගේ Truth Social ගිණුමේ පළ කළ ඡායාරූපයක් විශාල විවාදයක් ඇති කර තිබේ. එම රූපය තුළ ඔහු තමන්ව Jesus Christ ලෙස සංකේතවත් කරමින්, ලෝකයට සාමය ගෙන එන නායකයෙකු ලෙස තමන් ඉදිරිපත් කර ඇත.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාර රැසක් ඇති කර ඇති අතර, ආගමික හා දේශපාලන නායකයන් අතර සම්බන්ධතා පිළිබඳව නව සංවාදයක් ආරම්භ කර තිබේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *