← BACKEconomy

ඉන්ධන වියදම ඉහළට යද්දි සැබෑ වෙළඳපොළේ සැගවුනු අවදානමක්!

BY DhanushPUBLISHED APRIL 14, 20261 MIN READ0 COMMENTS

නවතම දත්ත අනුව Retail NZ කියා සිටින්නේ, නවසීලන්තයේ ඉන්ධන වියදම් ඉහළ යාම නිසා ජනතාව අනෙකුත් භාණ්ඩ හා සේවාවලට කරන වියදම විශාල ලෙස අඩුවී ඇති බවයි. මෙය සම්පූර්ණ වෙළඳපොළ තත්ත්වය සඟවා දමන “බලවේගයක්” ලෙස ඔවුන් හඳුන්වයි.

📊 දත්ත පෙන්වාදෙන්නෙ මොනවාද?

Worldline විසින් ලබාදුන් මාර්තු මාසයේ කාඩ්පත් ගනුදෙනු දත්ත අනුව, සමස්ත වියදම 0.5%කින් ඉහළ ගොස් ඇත. නමුත් Retail NZ ප්‍රධාන විධායක Carolyn Young පවසන්නේ, එය සත්‍ය තත්ත්වය පෙන්වන්නේ නැති බවයි.

ඇය පවසන්නේ,
👉🏻ඉන්ධන පිරවුම්හල්වල වියදම 33%කින් වැඩිවී ඇත.
👉🏻එය ඉවත් කර බැලූ විට, මූලික වෙළඳ වියදම වසරකට 1.2%කින් අඩුවී ඇත.

🛒 ගනුදෙනුකරුවන්ගේ හැසිරීම වෙනස් වෙයි.

ඉන්ධන සඳහා වැඩිපුර මුදල් වැය කිරීමට සිදුවීම නිසා, ජනතාව අනෙකුත් දේවල් සඳහා වියදම් කප්පාදු කරමින් සිටී.
“ප්‍රවාහනයට යන සෑම අමතර රුපියලක්ම, දේශීය වෙළඳසැල්වලට නොලැබෙන මුදලක්,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

🚚 සියලුම මිල ගණන් ඉහළ යා හැක.

ඉන්ධන මිල ඉහළ යාම නිසා, එය සෑම භාණ්ඩයකම මිලට බලපෑමක් ඇතිවිය හැකි බවද ඇය මෙහිදී පෙන්වා දෙයි. නවසීලන්තයට ආනයනය කරන බොහෝ භාණ්ඩ ප්‍රවාහනයට ඉන්ධන අවශ්‍යයි. දේශීයව ද, භාණ්ඩ බෙදාහැරීමේ 93%ක් මාර්ග ප්‍රවාහනය මත පදනම් වේ

📉 වෙළඳ ව්‍යාපාර වල අනාගතය අවදානමට ලක්වෙයි.

Stats NZ දත්ත අනුව, පසුගිය වසර කිහිපයේ වෙළඳ ව්‍යාපාර ගණන අඩුවී ඇත. නව තත්ත්වය අනුව, තවත් ව්‍යාපාර වැසී යාමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවයි.

🇳🇿 මේ තත්වය යටතේ “දේශීයව මිලදී ගැනීම වැදගත්”

දේශීය වෙළඳසැල් වලින් මිලදී ගැනීමෙන්
👉🏻රැකියා ආරක්ෂා වේ.
👉🏻ව්‍යාපාර දිගටම පවත්වාගෙන යා හැකිය.
යනුවෙන් Carolyn Young අවධාරණය කරයි.

මෙම තත්ත්වය දිගටම පවතී නම්, නවසීලන්තයේ “සැබෑ වෙළඳ ආර්ථිකය” දැඩි ලෙස පහළ යා හැකි බව විශේෂඥයින් අනාවරණය කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *