
මෑතකදී නවසීලන්තයේ Dunedin නගරයේ සිදු වූ අත්භූත සිදුවීමක් පිළිබද වාර්තා වී තිබේ. ඒ වසර 116කට පෙර ලියන ලද පොස්ට්කාඩ් (postcard) එකක්, දීර්ඝ කාලයකට පසුව ඇදහිය නොහැකි ලෙස ආපසු මුල් ගමට පැමිණීමයි.
මෙම ලිපිය 1910 වසරේදී ඩොරති තියෝමින් (Dorothy Theomin) විසින් ඇගේ සොහොයුරියක වන ඇලිසන් හැලන්ස්ටයින් (Allison Hallenstein) වෙත ලියන ලද්දක් බවට හෙළිවී ඇත.
මෙම පොස්ට්කාඩ් එක ඩොරති විසින් නවසීලන්තයේ උතුරු දූපත සංචාරය කරමින් සිටින අතරතුරදී ලියා ඇත. එය ඒ කාලයේදීම ලබන්නා වෙත නොපැමිණ, අද්භූත ලෙස අතුරුදන් වී තිබුණි.
නමුත්, වසර 100කටත් වාඩා වැඩි කාලයකට පසුව එය නැවත සොයාගෙන ඇති අතර, අවසානයේ එය ආපසු ඩුනිඩින්හි ඇය සම්බන්ධ වූ පවුලට අයත් ස්ථානයයේ ලිපිනයට පැමිණ තිබේ.
මෙම ලිපිය ලැබිය යුතු ඇලිසන් හැලන්ස්ටයින්, නවසීලන්තයේ ප්රසිද්ධ වෙළඳ පවුලක් වූ “Hallenstein” පවුලේ සමාජිකයෙකි. එය මෙම සිදුවීමට තවත් ඓතිහාසික වටිනාකමක් එක් කරයි.
මෙම පොස්ට්කාඩ් එක වසර 116කට පසුව නැවත එහි මුල් ගමට පැමිණීම, ලෝකයේ තැපැල් ඉතිහාසයේ දුර්ලභ සිදුවීමක් ලෙස සැලකේ.
ඒ විතරක් නොවෙයි, කාලය, මිනිසුන් සහ තැපැල් සේවාව අතර ඇති සම්බන්ධතාවය ගැනත් මේ සිදුවීම අලුත් ආකාරයකින් සිතා බැලීමට හේතු වී ඇත.
කාලය ගතවී ගියත්, සමහර කතා නැවතත් අපිව සොයාගෙන පැමිණෙනවා. මේ අමුතු කතාව ඉතිහාසය කවදාවත් සම්පූර්ණයෙන්ම අතුරුදන් නොවන බවට හොදම උදාහරණයක්.

0 Comments