← BACKEconomy

Waitaki දිස්ත්‍රික්කයේ ජනතාවට අලුත් බරක්.19% ක ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක්!

BY DhanushPUBLISHED APRIL 19, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Waitaki District ප්‍රදේශයේ ගාස්තු ගෙවන්නන්ට (ratepayers) ඉදිරි වසර සඳහා 19% ක ගාස්තු වැඩිවීමකට මුහුණ දීමට සිදුවිය හැකි බව අනාවරණය වී තිබේ. මෙම වැඩිවීම සාමාන්‍ය පවුලකට සතියකට ඩොලර් 13ක් පමණ වන අතර එය වසරකට ආසන්න වශයෙන් ඩොලර් 700ක අමතර බරක් ලෙස ආර්ථිකයට බලපාන බව Waitaki District Council සඳහන් කරයි.

📊 “මෙය අවමයයි” නගරාධිපතිගේ අනතුරු ඇඟවීම.

Waitaki නගරාධිපති Mel Tavendale පවසන්නේ, 19% වැඩිවීම “අවම මට්ටම” වන අතර එය නොකරන්නේ නම් කවුන්සිලයට මුදල් හිඟයකට මුහුණ දීමට සිදුවන බවයි.

ඇය පෙන්වා දෙන්නේ, ඉහළ යන වියදම් සහ ජල සේවා සම්බන්ධ විශාල මූල්‍ය ආයෝජන මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි. පෙර කවුන්සිලය 7% වැඩිවීමක් යෝජනා කළද එය සැබෑ වියදම් ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවන බවද ඇය පැහැදිලි කළාය.

මෙම වැඩිවීම ප්‍රදේශයේ ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් ඇති කරන බව නගරාධිපතිවරිය පිළිගනී.

“ ජනතාව දැනටමත් අසීරු තත්ත්වයක ඉන්න වෙලාවක මෙවැනි තීරණ ගැනීම ඉතා අමාරුයි. නමුත් ඉදිරියට යාමට නම් නිවැරදි තීරණ ගන්නම වෙනවා,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

🏛️ කවුන්සිලය තුළම විවාදයක්. වැඩිවීම තවත් ඉහළ දැමිය යුතුද?

කවුන්සිලයේ සාමාජිකයින් 10 දෙනාගෙන් 4 දෙනෙක් 19% වැඩිවීම පිළිබඳ විරුද්ධ වූ අතර, සමහරුන් එය තවත් වැඩි විය යුතු බව පවා කියා සිටියේය.

කවුන්සිල සාමාජික Sven Thelning පවසන්නේ, මූල්‍ය තත්ත්වය අනුව 45% දක්වා වැඩිවීමක් අවශ්‍ය වන බවයි.

“19% කියන්නේ අපිට කළ හැකි අඩුම දේ. එයත් නොකරොත් ණය සීමාවට ගොස් තවත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙයි,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

👥 “අසාධාරණ බරක්” බවට ජනතාවගේ ප්‍රතිචාර.

Oamaru Ratepayers and Residents Association සභාපති Ray Henderson පවසන්නේ, කවුන්සිලය වසර ගණනාවක් ගාස්තු අඩු තත්ත්වයක තබා ගැනීමට උත්සාහ කළද එය දැන් ජනතාවට බරක් වී ඇති බවයි.

ඔහු කියා සිටියේ, මෙම ප්‍රදේශයේ වැඩි පිරිසක් විශ්‍රාමිකයන් වන බැවින් ස්ථාවර ආදායමක් මත ජීවත් වන බවත්, වියදම් ඉහළ යාමත් සමඟ ඔවුන් දැඩි අසීරුතාවයකට පත්වන බවත්‍ ය.

ඒ අතර, Grey Power නියෝජිතයෙකු වන Andrew Dunn මෙම වැඩිවීම “අසාධාරණයි” යනුවෙන් දැඩි ලෙස විවේචනය කළේය.

🔍 පාලන පද්ධතිය වෙනස් විය යුතුද යන ගැටළුකාරී තත්වයක් මතුවී තිබේ.

Otago Regional Council උප සභාපති Kevin Malcolm පවසන්නේ, මෙම තත්ත්වය ප්‍රාදේශීය පාලන පද්ධතියේ විශාල ගැටලුවක් පෙන්නුම් කරන බවයි. ඔහු යෝජනා කරන්නේ Otago ප්‍රදේශයේ කවුන්සිල් 6ක් එකට එක් කිරීම මගින් වියදම් අඩු කළ හැකි බවයි.

📝 මහජන අදහස් ලබා ගැනීම ඉදිරියේදී සිදුවෙයි.

මෙම 19% ගාස්තු වැඩිවීම පිළිබඳ තොරතුරු ඉදිරි සති කිහිපය තුළ ජනතාවට ඉදිරිපත් කර, ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට කවුන්සිලය සැලසුම් කර තිබේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *