← BACKEducation

“මේවා උගන්වන්න බෑ!” – නව විෂය මාලා කෙටුම්පත්වලට විශේෂඥ ගුරුවරුන්ගෙන් දැඩි ප්‍රහාරයක් 🎓🚫

BY DhanushPUBLISHED MAY 4, 20261 MIN READ0 COMMENTS

සංගීතය, ශාරීරික අධ්‍යාපනය (PE), විද්‍යාව, තාක්ෂණය සහ ඉතිහාසය යන විෂයයන් සඳහා ඉදිරිපත් කර ඇති නව කෙටුම්පත් “අපැහැදිලි, ප්‍රායෝගික නොවන සහ සංස්කෘතික වශයෙන් අසම්පූර්ණ” බව පවසමින් විශේෂඥ ගුරුවරුන් රජයට චෝදනා කරයි.

නව විෂය මාලා කෙටුම්පත් සම්බන්ධයෙන් ප්‍රධාන විෂයයන්ට එල්ල වී ඇති විවේචන ,

ශාරීරික අධ්‍යාපනය (PE): මෙම විෂය මාලාව 1950-60 දශකවල පැවති “ක්‍රීඩා පුහුණුවට” පමණක් සීමා වූ යල් පැනගිය ක්‍රමයක් බවට විවේචන එල්ල වේ.

විද්‍යාව : විෂය කරුණු අධික (Over-crowded) බව සහ වසර 1 සිසුන්ට ග්‍රීක විද්‍යාඥයන් ගැන ඉගැන්වීමට යෝජනා කිරීම ප්‍රායෝගික නොවන “විහිළුවක්” බව ගුරුවරු පවසති.

තාක්ෂණය : විෂය කොටස් එකිනෙක පටලවා ඇති බවත් (උදා: රෙදිපිළි සහ ආහාර තාක්ෂණය එකට දැමීම), මෙය ඉගැන්වීමේදී ප්‍රායෝගිකව විශාල ගැටලු මතු කරන බවත් පෙන්වා දෙයි.

සංගීතය : සාමාන්‍ය ප්‍රාථමික ගුරුවරයෙකුට ඉගැන්විය නොහැකි තරම් සංකීර්ණ මට්ටමක පවතින බවත්, නිර්මාණශීලීත්වයට සහ සංගීතයට ඇති ලැදියාවට ඇති ඉඩකඩ අවම බවත් චෝදනා කෙරේ.

සමාජ විද්‍යාව : යුරෝපීය මතවාදයන්ට මුල් තැන දී ඇති බවත්, ‘මාවෝරි’ ඉතිහාසයට සහ වයිටංගි ගිවිසුමේ මූලධර්මවලට නිසි තැනක් ලබා නොදීම නිසා මෙය අසම්පූර්ණ බවත් අවධාරණය කරයි.

🚩 වයිටංගි ගිවිසුම අමතක කිරීම,
සියලුම ගුරු සංගම් පාහේ මතු කරන බරපතලම ගැටලුව වන්නේ නව කෙටුම්පත් තුළ මාවෝරි අන්තර්ගතයන් සහ වයිටංගි ගිවිසුමේ මූලධර්ම ඉතා දුර්වල ලෙස ඇතුළත් කර තිබීමයි.

විද්‍යා විෂය කෙටුම්පතේ කොතැනකවත් වයිටංගි ගිවිසුම පිළිබිඹු වන බවක් පෙනෙන්නට නැත.”Bay of Plenty විද්‍යා ගුරු සංගමය.

🛡️ “PE විෂය සම්පූර්ණයෙන්ම අලුතින් ලිවිය යුතුයි”

නවසීලන්ත ශාරීරික අධ්‍යාපන සංගමය (PENZ) පවසන්නේ වත්මන් කෙටුම්පත “භාවිතයට නුසුදුසු” බවයි.
පැරණි දෘෂ්ටිය: නව ක්‍රමය මගින් දරුවන්ව ක්‍රීඩා කුසලතා පෙන්වන යන්ත්‍ර බවට පත් කරන බව ඔවුන් පවසයි.
ගුරු මතය: “අපි අවසානයේ ගුරුවරුන් වෙනුවට ‘ක්‍රීඩා පුහුණුකරුවන්’ (Sports coaches) බවට පත් වීමේ අවදානමක් ඇත.”

⏰ කාලරාමුව පිළිබඳ අර්බුදය

අධ්‍යාපන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් මෙම වසර අගදී විෂය මාලා අවසන් කර ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වුවද, විදුහල්පතිවරුන් පවසන්නේ එම කාලරාමුව කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *