
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ නවසීලන්තයේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් අද සිංගප්පූරුවේදී ඓතිහාසික උපායමාර්ගික ගිවිසුමකට අත්සන් තැබීය.
🤝 මොකක්ද මේ “ආහාර වෙනුවට ඉන්ධන” ගිවිසුම?
මෙම ගිවිසුමට අනුව, ලෝකයේ සැපයුම් ජාල බිඳවැටෙන ඕනෑම හදිසි අවස්ථාවකදී:
සිංගප්පූරුව: නවසීලන්තයට අවශ්‍ය පිරිපහදු කළ ඉන්ධන අඛණ්ඩව ලබාදීමට සහතික වෙයි.
නවසීලන්තය:සිංගප්පූරුවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට සහතික වෙයි.
නවසීලන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 1/3ක්ම සපුරාලන්නේ සිංගප්පූරුව මගිනි.
📊 රටේ තෙල් සංචිත ඉහළට: නවතම MBIE දත්ත
අද දින ප්‍රකාශයට පත් කළ දත්තවලට අනුව නවසීලන්තය සතු ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන සංචිත සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ඩීසල් (Diesel): පැවති දින 46 සිට වත්මන් සංචිතය දින 52 දක්වා ඉහළ ගොස් ඇත.
ගුවන්යානා ඉන්ධන (Jet Fuel): පැවති දින 49 සිට වත්මන් සංචිතය දින 58 දක්වා ඉහළ ගොස් ඇත.
පෙට්‍රල් (Petrol): පැවති දින 52.8 සිට වත්මන් සංචිතය දින 52.6 දක්වා සුළු වශයෙන් පහත බැස ඇත.
මෙම ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නවසීලන්තය බලා එමින් පවතින විශාල ඉන්ධන නෞකා කිහිපයකි.
🚢 ඉතිහාසයේ පළමු වරට ඉන්ධන නෞකා නම් කරයි!
නවසීලන්ත බලධාරීන් ප්‍රථම වරට ඉන්ධන රැගෙන එන නෞකාවල නම් ප්‍රසිද්ධ කර තිබේ. දැනට නෞකා 12ක් නවසීලන්තය බලා එමින් පවතින අතර ඉන් 3ක් දැනටමත් අපේ මුහුදු සීමාව තුළ පවතී.
මුහුදු සීමාව තුළ:CC Ningbo, Grand Winner 3, TP Endurance
මුහුදු සීමාවෙන් පිටත:Esteem Discovery, Maersk Crete, Sea Odyssey, STI Virtus ඇතුළු නෞකා 9ක්.
⚠️ විශේෂ දැනුම්දීම:*සාමාන්‍ය Ship Tracking App හරහා ලැබෙන දත්ත සැමවිටම නිවැරදි නොවන බවත්, ඉන්ධන ආනයනකරුවන් ලබාදෙන රහසිගත දත්ත මත පදනම්ව රජය මෙම නිරීක්ෂණ සිදුකරන බවත් බලධාරීන් පවසයි.

0 Comments