← BACKCrime

Hastings ත්‍රිත්ව ඝාතනය, මව සහ බිලිඳියන් දෙදෙනා මැරූ බවට චෝදනා ලැබූ පුද්ගලයා නිවැරදිකරු යැයි පවසයි

BY Dhanush•PUBLISHED MAY 8, 2026•1 MIN READ•0 COMMENTS

📍 නවසීලන්තයේ Hastings, නගරයේ නිවසක් තුළදී මවක සහ ඇයගේ කුඩා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ 36 හැවිරිදි පුද්ගලයා, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව අද (සිකුරාදා) නේපියර් මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

📍 පසුගිය අප්‍රේල් 19 වනදා අලුයම 6ට පමණ හතීංස් හි Avenue Road East ප්‍රදේශයේ පිහිටි නිවසක සිදුවූ මෙම අතිශය කණගාටුදායක සිදුවීමෙන් ඝාතනයට ලක්වූයේ මවක සහ මාස 3ක් හා මාස 17ක් වයසැති ඇයගේ කුඩා බිලිඳියන් දෙදෙනාය. ‘Operation Train’ නමින් හැඳින්වූ පොලිස් පරීක්ෂණ මගින් මෙම ඝාතන සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පවරනු ලැබීය.

📍 අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයා මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි. ඒ අනුව මෙම නඩුවේ විභාගය 2027 අගෝස්තු 30 වනදා සිට සති තුනක කාලයක් පැවැත්වීමට අධිකරණය දින නියම කළේය. එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

📍 මියගිය තිදෙනාගේ සහ සැකකරුගේ අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස අධිකරණය විසින් ලබා දී ඇති තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ අතර මියගිය අයගේ ඥාතීන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, කිසිදු තේරුමක් නැති මෙම
ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සුන්දර ජීවිත තුනක් අහිමි වීම ගැන තමන් දැඩි ලෙස කම්පනයටත්, හදවතින්ම බිඳ වැටීමටත් පත්ව ඇති බවයි.

📍 මුළු නවසීලන්තයම කම්පා කළ මෙම ත්‍රිත්ව ඝාතන නඩුවේ මීළඟ නඩු වාරය ජූලි මස 9 වනදා පැවැත්වීමට නියමිතය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *