
📍 ව්‍යාජ ලෙස වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් සහ තමන්ට මොළයේ පිළිකාවක් ඇතැයි පවසමින් නවසීලන්තය පුරා සිටින පුද්ගලයන් රැසක් (ඇය විවාහ කරගත් පුද්ගලයා ඇතුළුව) මුළා කළ කූට කාන්තාවක් වනRacheal Gray, තමන් දැන් වැරදි මඟෙන් මිදී යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන බව සිරගෙදර සිට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඇය ඉදිරිපත් කළ කලින් නිදහස් වීමේ ඉල්ලීම එරට සමාව මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
📍 වසර 18කට අධික කාලයක් පුරා විවිධ නම් අවම වශයෙන් 8ක් (Jones, Armstrong, Grey ආදී) භාවිතා කරමින් මෙම කාන්තාව විවිධ වංචාවන් සිදු කර තිබේ. වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිදු සුදුසුකමක් නොමැතිව ඇය ගර්භණී මවුවරුන් සහ තරුණයින් පරීක්ෂා කර ඇති අතර, 2021 වසරේදී ඇය විවාහ කරගත් පුද්ගලයාගේ නමට ඔහුගේ නොදැනුවත්කම මත නවසීලන්ත ඩොලර් 66,000ක වාහනයක් මිලදී ගැනීමට පවා උත්සාහ කර ඇත. මීට අමතරව පිළිකා සංගමය වෙනුවෙන් යැයි පවසමින් ප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩා සමාජයක අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර, එම මුදල් සිය පෞද්ගලික ගිණුමට බැර කර ගැනීමටද ඇය උත්සාහ කර තිබේ.
📍 2024 ජුනි මාසයේදී වසර 3යි මාස 10ක සිරදඬුවමකට ලක් වූ 50 වැනි වියේ පසුවන රේචල්, සිරගෙදර තුළදී පුනරුත්ථාපන වැඩසටහන් රැසකට සහභාගී වී ඇති අතර, ඇය කඳුළු සලමින් පවසා ඇත්තේ තමන් කළ වැරදි පිළිබඳව දැන් පසුතැවෙන බවයි. අනෙක් අය තමන්ව හැර යාවි යන බිය නිසා මෙලෙස බොරු කී බව ඇය පවසයි. ඇයගේ පළමු අපරාධය ලෙස වාර්තා වන්නේ රක්ෂණ මුදල් ලබා ගැනීම සඳහා තමන් පදිංචිව සිටි නිවසටම ගිනි තැබීමයි.
⚠️ කෙසේ වෙතත්, ඇය සතු අතිශය කපටි සහ උපක්‍රමශීලී වංචනික ස්වභාවය සැලකිල්ලට ගත් සමාව මණ්ඩලය, ඇය නිදහස් කළහොත් නැවතත් සමාජයට තර්ජනයක් විය හැකි බව පවසමින් ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ඇයට නැවත වරක් ලබන නොවැම්බර් මාසයේදී සමාව මණ්ඩලය හමුවට පැමිණීමට සිදු වනු ඇත.

0 Comments