
රාජ්‍ය වියදම් සීමා කිරීමේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවමින්, 2026 අයවැය මඟින් රාජ්‍ය ක්ෂේත්‍රයේ රැකියා විශාල වශයෙන් කපාහැරීමට සූදානම් වන බව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් සහ මුදල් අමාත්‍ය නිකොලා විලිස් තහවුරු කරති. රජයේ අරමුණ වී ඇත්තේ අනවශ්‍ය රාජ්‍ය වියදම් පාලනය කරමින්, ඩොලර් බිලියන ගණනක මුදලක් ඉතිරි කර නවසීලන්ත ආර්ථිකය ස්ථාවර කිරීමයි.
මේ අනුව, 2029 මැද භාගය වන විට විවිධ රාජ්‍ය අමාත්‍යාංශවලින් රැකියා 8,700ක් පමණ කපාහැරීමට ඉලක්ක කර ඇති අතර, එය සමස්ත රාජ්‍ය සේවා ශ්‍රම බලකායෙන් 14% ක දැවැන්ත අඩු කිරීමකි. මෙමඟින් ඉදිරි වසර තුන තුළ රජයේ මෙහෙයුම් පිරිවැයෙන් ඩොලර් බිලියන 2.4ක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව, විශ්වවිද්‍යාල සිසුන්ගේ අවසාන වසර සඳහා ලබාදුන් නොමිලේ අධ්‍යාපන (Fees-Free) ක්‍රමය අහෝසි කිරීමටද අයවැයෙන් යෝජනා වී ඇත.
“අපි රාජ්‍ය සේවය වඩාත් කුඩා, බුද්ධිමත් සහ සාමාන්‍ය ජනතාවට උපරිම ප්‍රතිඵල ලබාදෙන එකක් බවට පරිවර්තනය කරනවා. අපේ අවධානය යොමු වෙන්නේ කාර්යාලීය පරිපාලන වියදම්වලට නොව ජනතාවට සෘජුවම සේවය සපයන පෙරමුණේ සිටින සේවකයන් (frontline services) වෙනුවෙනුයි,” යැයි අග්‍රාමාත්‍ය ලක්සන් පැවසීය.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවය ප්‍රධාන ආර්ථික බලවේගය කරගත් වෙලින්ටන් අගනුවර නගරාධිපතිනිය සහ විපක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයන් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කරති. ඔවුන් අනතුරු අඟවන්නේ ආර්ථික පසුබෑමක් පවතින වෙලාවක දහස් ගණනකගේ රැකියා අහිමි කිරීමෙන් විරැකියාව දරුණු වී, දක්ෂ ශ්‍රමිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වනු ඇති බවයි.
නමුත් රජය අවධාරණය කරන්නේ මෙමඟින් ඉතිරි කරගන්නා මුදල් පොලිසිය, ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන් වැනි සෘජුවම ජනතාවට සේවය කරන අංශ ශක්තිමත් කිරීමට යොදවන බවයි.

0 Comments