← BACKTechnology

සාගර පතුලේ ඇස. මුහුදු මාර්ගයෙන් කෙරෙන ජාවාරම් මර්දනයට නවසීලන්ත රේගුවෙන් දිය යට ඩ්‍රෝන තාක්ෂණයක්!

BY DhanushPUBLISHED MAY 22, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ කාර්යබහුලම වරායන් ඔස්සේ සිදුවන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නවසීලන්ත රේගු සේවය විසින් දුරස්ථ පාලක මඟින් ක්‍රියාත්මක වන නවීනතම දිය යට ඩ්‍රෝන යාත්‍රා (Remotely Operated Vehicles – ROVs) තුනක් නිල වශයෙන් සේවයට එක් කර තිබේ. රේගු කටයුතු පිළිබඳ අමාත්‍ය කේසි කොස්ටෙලෝ (Casey Costello) මහත්මිය විසින් ඕක්ලන්ඩ් වරායේදී මෙම ප්‍රකාශය සිදු කරන ලදී.

මෙය සංවිධානාත්මක ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දේශසීමා ආරක්ෂාව තර කිරීම සඳහා රජය විසින් වෙන් කරන ලද ඩොලර් මිලියන 70.7 ක (ප්‍රතිපාදන වැඩපිළිවෙලක) කොටසකි.

🔴 මෙම ක්‍රියාන්විතයේ ප්‍රධාන තොරතුරු සහ විශේෂතා.

👉🏻 ක්ෂණික සහ ආරක්ෂිත පරීක්ෂාවන්: මීට පෙර නැව් පතුලේ සඟවා ඇති මත්ද්‍රව්‍ය සෙවීමට මිනිස් කිමිදුම් කණ්ඩායම් යෙදවීමට සිදු වූ අතර, එය අධික කාලයක් ගතවන අවදානම් සහගත කාර්යයක් විය. නමුත් මෙම ඩ්‍රෝන මඟින් නිලධාරීන්ට ගොඩබිම සිටම ඉතා ආරක්ෂිතව, පැයක් වැනි කෙටි කාලයකදී නෞකාවක පතුල සහ ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය සඟවන “සී චෙස්ට්” (Sea Chests) කුහර පැහැදිලිව පරීක්ෂා කළ හැක.

👉🏻 පැසිෆික් කලාපීය තර්ජනය: ජාත්‍යන්තර අපරාධ කල්ලි විසින් පැසිෆික් කලාපය මත්ද්‍රව්‍ය ගබඩා කරන කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිත කරන අතර, 2026 වසරේ පළමු සති 6 තුළ පමණක් මෙම කලාපයෙන් කොකේන් ටොන් 14 ක් අත්අඩංගුවට ගෙන ඇත.

👉🏻 සේවයට යොදවන වරායන්: මෙම නව දිය යට ඩ්‍රෝන යාත්‍රා ඉදිරි මාස කිහිපය තුළ නවසීලන්තයේ ප්‍රධානතම වරාය තුනක් වන Auckland, Tauranga, සහ Lyttelton යන ස්ථානවල සේවයට යොදවනු ඇත.

👉🏻 කලාපීය සහයෝගීතාව: මෙම තාක්ෂණය දැනටමත් නවසීලන්ත නාවික හමුදාව සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය ද භාවිත කරන බැවින්, ජාත්‍යන්තර ආරක්ෂක අංශ සමඟ ඒකාබද්ධ මෙහෙයුම් වඩාත් පහසුවෙන් සිදු කිරීමට මඟ පෑදේ.

මීට අමතරව, මෙම අයවැය ප්‍රතිපාදන යටතේ වරායන්හි එක්ස්-රේ (X-ray) යන්ත්‍ර උත්ශ්‍රේණි කෙරෙන අතර, මත්ද්‍රව්‍ය නවසීලන්තයට ළඟා වීමට පෙරම ඒවායේ ගමන් මාර්ග හඳුනාගැනීම සඳහා දකුණු ඇමරිකාව, පැසිෆික් කලාපය, මැදපෙරදිග සහ යුරෝපය කේන්ද්‍ර කරගනිමින් නව රේගු බුද්ධි තොරතුරු මධ්‍යස්ථාන 4 ක් ද පිහිටුවීමට නියමිතය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *