
නවසීලන්තයේ Rotorua නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ බාලවයස්කාර දැරියන් ලිංගික සූරාකෑමේ දරුණු ජාවාරමකට සම්බන්ධ වී වරදකරුවෙකු වූ සංක්‍රමණික සේවකයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට එරට ආගමන විගමන බලධාරීන් තීරණය කර ඇත.
මෙසේ රටින් පිටුවහල් කිරීමට නියමිතව ඇත්තේ නීෂාන්ත් පරකුඩියිල් ප්රහ්ලාදන් (Nishanth Parakudiyil Prahladan) නැමැති ඉන්දීය ජාතික සංක්‍රමණික සේවකයාය.
නවසීලන්ත පොලිසිය මඟින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකදී හෙළි වී තිබුණේ සංවිධානාත්මක පිරිසක් විසින් වයස අවුරුදු 13 සහ 14 වැනි අඩු වයස්වල පසුවන දැරියන්ව මත්ද්‍රව්‍ය (Methamphetamine) සහ විවිධ උපක්‍රම උපයෝගී කරගනිමින් දැඩි ලෙස මෙහෙයවමින් මෙම ලිංගික ජාවාරමේ යොදවා තිබූ බවයි. එහිදී මෙම විත්තිකාර නීෂාන්ත් ප්රහ්ලාදන් ඇතුළු පිරිසක් 13 හැවිරිදි දැරියක මුදලට ලබාගෙන ලිංගික සේවාවන් ලබාගත් බවට අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන තිබුණි.
මෙම බරපතළ අපරාධය සම්බන්ධයෙන් ඔහු වරදකරු වීමත් සමඟම නවසීලන්ත ආගමන විගමන අංශය (Immigration New Zealand) විසින් ඔහුගේ නේවාසික වීසා බලපත්‍රය අවලංගු කර ඔහුව රටින් පිටුවහල් කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත්, තමා ඉන්දියාවට පිටුවහල් කළහොත් සමාජයීය වශයෙන් දැඩි අපකීර්තියකට සහ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව පවසමින් ඔහු නවසීලන්තයේ රැඳී සිටීම සඳහා ට්රිබියුනලය (Tribunal) වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් දැඩි නීතිමය සටනක නිරත විය.
නමුත් අභියාචනා මණ්ඩලය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ඉල්ලීම් සහ තර්ක මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක ලිංගිකව සූරාකෑම වැනි දරුණු අපරාධයක් සිදුකළ පුද්ගලයෙකුට නවසීලන්තය තුළ රැඳී සිටීමට කිසිදු මානුෂීය අයිතිවාසිකමක් නොමැති බව අවධාරණය කළ අධිකරණය, ඔහුව වහාම ඉන්දියාවට පිටුවහල් කිරීමට අනුමැතිය ලබා දුන්නේය.
මෙම කුප්‍රකට ලිංගික ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන්ට සහ දැරියන් මිලදී ගත් සෙසු පුද්ගලයන්ට එරෙහිව ද නවසීලන්ත පවුල් ප්‍රතිසංස්කරණ පනත සහ අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් පැනවීමට එරට අධිකරණය කටයුතු කර ඇත.
ලංකාවේ සිදුවූ ඛේදවාචකයේ උණුසුම යන්නටත් මත්තෙන් නවසීලන්තයෙන් ඇසෙන මේ කතාවෙන් නැවතත්, නැවත නැවතත් පැහැදිලි වන්නේ රට වෙනස් උනත් දරුවන්ට අද සමාජයේ ඇති අනාරක්ෂිතභාවය නොවේද? නොදරුවන්ට මෙවැනි අපරාධ කරන මිනිසුන්ට ඇත්තටම දිය යුතු දඩුවම කුමක්ද?

0 Comments