
ලෝකය පුරාම දැන් ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන්නේ PFAS එහෙමත් නැත්නම් “සදාකාලික රසායනිකයන්” (Forever Chemicals) ගැනයි. 1950 ගණන්වල ඉඳන් නොඇලෙන පිසින භාජන (Non-stick cookware), ජලයට ඔරොත්තු දෙන ඇඳුම් සහ ගිනි නිවන පෙණ වැනි දේ නිෂ්පාදනයට ගන්නා මෙම රසායනික ද්‍රව්‍ය වලට “සදාකාලික” කියන්නේ ඒවා ස්වභාවිකව කිසිදා විනාශ නොවන, පරිසරයේ සහ මිනිස් සිරුරේ දශක ගණනාවක් රැඳී පවතින නිසයි.
ඇමරිකාව, යුරෝපය වැනි රටවල් මේ නිසා දරුණු ජල දූෂණයකට මුහුණ දී සිටින පසුබිමක, නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් රට පුරා ස්ථාන 20ක ජල සාම්පල පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.
එහිදී නවසීලන්ත වැසියන්ට ඉතාම සුභදායී පුවතක් අසන්නට ලැබුණා. පරීක්ෂණ වාර්තාවලට අනුව, නවසීලන්තයේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජලයේ අඩංගු PFAS මට්ටම ඉතාම අවම අගයක (ට්‍රිලියනයකට එක කොටසකටත් වඩා අඩු මට්ටමක) පවතිනවා. මෙය ලෝකයේ තිබෙන දැඩිම ජල ආරක්ෂණ ප්රමිතීන්ටත් වඩා බෙහෙවින් ආරක්ෂිත මට්ටමකි. නවසීලන්තයේ බරපතළ කර්මාන්තශාලා නොමැති වීම සහ ගිනි නිවන පෙණ වැනි දේ සම්බන්ධයෙන් රජය පනවා ඇති තහංචි මීට හේතුවයි.
කෙසේ වෙතත්, විද්‍යාඥයින් පවසන්නේ අප තවමත් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නැති බවයි. ප්ලාස්ටික්, කාපට් සහ කෑම ඔතන ඇසුරුම් හරහා තවමත් මෙම රසායනික ද්‍රව්‍ය රට තුළට එන අතර, ඒවා කසළ රඳවන හරහා භූගත ජලයට එකතු වීමේ අවදානමක් පවතී.
විද්‍යාඥයන් දැන් සොයාගනිමින් පවතින්නේ නවසීලන්තයේ ස්වභාවික Harakeke (පන් වර්ගයක්) ශාකයේ මුල් මඟින් ජලයේ ඇති මෙවැනි විෂ රසායනිකයන් 99%ක්ම උරාගෙන ජලය පිරිසිදු කළ හැකි බවයි. දැනට කරාමයෙන් වතුර බීම ආරක්ෂිත වුවත්, ඉදිරියටත් ජලය පිරිසිදුව තබා ගැනීමට නිරන්තර පරීක්ෂණ අවශ්‍ය බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉතින් ලෝකයේ හොදම වතුර බොන අපේ අය ආඩම්බරෙන් ශෙයා කරන්න. 😇

0 Comments