← BACKCrime

නෝර්ත්ලන්ඩ් ඝාතනයට සම්බන්ධ මෝටර් රථය පිළිබඳ තොරතුරු සෙවීමට පොලිස් මෙහෙයුමක්!

BY DhanushPUBLISHED JUNE 9, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Northland ප්‍රදේශයේ ජීවත් වූ 76 හැවිරිදි ටාරාති බක්ලි (Tārati Dorothy Buckley) නමැති ගෞරවනීය මවගේ ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ‘ඔපරේෂන් පියෝනි’ (Operation Peony) මෙහෙයුම සඳහා මහජනතාවගේ සහය ලබාදෙන ලෙස නවසීලන්ත පොලිසිය හදිසි ආයාචනයක් නිකුත් කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ පසුගිය ජුනි 1 වනදා උදෑසන ඩර්ගාවිල් ප්‍රදේශයේ මාර්ගයක ගිනිබත් වෙමින් තිබූ Toyota RAV4 වර්ගයේ මෝටර් රථයක් පොලිසියට හමුවීමත් සමඟයි. එම රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ හිමිකරු සොයා ගිය පොලිසියට දැකගත හැකි වූයේ ඕපොනෝනි හි පිහිටි ටාරාතිගේ නිවස බිඳ දමා ඇති බවයි. පසුව අසල තිබූ වෙනත් නිවසක තිබී ඇයගේ මළසිරුර සොයා ගැනීමට පොලිසියට හැකි විය.

පොලිසිය දැනට මේ පිළිබඳව සැකපිට 26 හැවිරිදි තරුණයකුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව මිනීමැරුම්, ගිනි තැබීම් සහ සොරකම් කිරීම් ඇතුළු චෝදනා රැසක් එල්ල කර ඇත.

🔴 පොලිසිය මහජනතාවගෙන් ඉල්ලන සහය.

ඝාතකයාගේ ගමන් මඟ නිවැරදිව තහවුරු කරගැනීම සඳහා, පහත සඳහන් මෝටර් රථය මැයි 31 රාත්‍රියේ සිට ජුනි 1 උදෑසන දක්වා කාලය තුළ මාර්ගයේ ගමන් කරනු දුටු අයෙක් වේ නම් හෝ කාගේ හෝ වාහනයක ඩෑෂ්-කැමරාවක එහි දර්ශන පවතී නම් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

👉🏻මෝටර් රථ මාදිලිය: Toyota RAV4
👉🏻විශේෂ ලියාපදිංචි අංක තහඩුව: DOTSKA

එමෙන්ම, ජුනි 1 වනදා උදෑසන Maungatapere සහ Dargaville අතර මාර්ගයේ සැකකරු විසින් පදවන ලද තද රතු පැහැති මවුන්ටන් පාපැදිය පිළිබඳවද පොලිසිය තොරතුරු සොයමින් සිටී. මෙම පාපැදිය මෙතෙක් සොයාගෙන නොමැත.
මෙම රථය හෝ රතු පාපැදිය දුටු අයෙක් වේ නම් නවසීලන්ත පොලිසියේ 105 අංකය අමතා හෝ 0800 555 111 ඔස්සේ නිර්නාමිකව තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.

මෙම තොරතුරු හැකිතාක් ශෙයාර් කර සහය දක්වන්න!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *